ආසියානු වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත් වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (8) ඩුබායිහිදී පැවැත්විය.තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 198ක් රැස්කිරීමට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 32.2කදී ලකුණු 139කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විය.ඒ අනුව බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම දෙවැනි වරටත් මෙම ශූරතාවයට හිමිකම් කියන්නට ඊයේ (08) සමත්විය.