ආසියානු පාපන්දු නිල ලාංඡනය දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා

  • Home
  • /
  • Sports
  • /
  • ආසියානු පාපන්දු නිල ලාංඡනය දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී රටවල් 47ක සහභාගීත්වයෙන් පැවැත් වූ ආසියානු පාපන්දු විනිසුරු ඇකඩමියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම සහ එකම ආසියානු පාපන්දු නිල ලාංඡනය හිමි කර ගැනීමට ටී.එල්. විලියම්ස් මහතා සමත් වී ඇත.ඒ අනුව ඔහුට ලබන වසරේ සිට ආසියානු පාපන්දු සම්මේලනය (AFC) මඟින් සංවිධානය කරන තරග සඳහා විනිසුරුවකු ලෙස සහභාගී වීමට අවස්ථාව හිමිවෙයි.2021 වර්ෂයේ සිට ආසියානු පාපන්දු සම්මෙලන විනිසුරු ඇකඩමියේ සිව් අවුරුදු විනිසුරු උසස් පාඨමාලාවක් පිළිබදව විලියම්ස් මහතා හදාරා ඇති අතර එම පාඨමාලාව අවසානයේ ඔහුට ආසියානු පාපන්දු සම්මේලන විනිසුරු එලයිට් කාණ්ඩයට ඇතුළත් වීමට අවස්ථාව හිමිවෙයි.වසර 10 කට අධික කාලයක ජාතික පාපන්දු විනිසුරුවකු ලෙස පැමිණි ගමන හා ආසියානු මට්ටමේ විනිසුරුවරයකු ලෙස ජාත්‍යන්තරයට පැමිණි ගමන ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට මහත් ආඩම්බරයකි.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025