ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ආකෘතියකින් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණයත් සමග ඉන්දීය – පාකිස්තාන ක්‍රිකට් තරග ශ්‍රී ලංකාවේ පැවැත්විය යුතු බවට පාකිස්තානය ICCයෙන් ඉල්ලා ඇත.ඒ අනුව 2027 දක්වා ඉන්දියාවේ හා පාකිස්තානයේ පැවැත්වෙන සියලු ICC තරගාවලි දෙමුහුන් ආකෘතියකින් පැවැත්විය යුතු බවට අවසන් එකඟතාවකට පැමිණ ඇති අතර, එම තරගවල මධ්‍යස්ථ රට ලෙස ශ්‍රී ලංකාව හෝ ඩුබායි භාවිත කිරීමට ද දෙරටේ ක්‍රිකට් බලධාරීන් ගිවිසුම්ගතව ඇතැයි වාර්තා වේ.
ලබන වසරේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයට සහ 2026 පිරිමි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පාකිස්තාන ක්‍රිකට් පිල ඉන්දියාවට නොයන බව කල්ඇතිව දැනුම්දී තිබේ.ඉන්දියාව හා පාකිස්තානය සම්බන්ධ ක්‍රිකට් තරගවලදී 2024 – 2027 චක්‍රය තුළ, පාකිස්තානයේ සත්කාරකත්වය දරන ඉසව්වක දී ඉන්දියාව ක්‍රීඩා කරන සියලු තරග, මධ්‍යස්ථ ස්ථානයක ක්‍රීඩා කරනු ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව සත්කාරකත්වය සපයන ඉසව්වකදී පාකිස්තාන තරග මධ්‍යස්ථ ස්ථානයක ක්‍රීඩා කෙරේ.
මෙම එකඟතා ගිවිසුම 2025 පාකිස්තානයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භ වන අතර 2025දී ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයට සහ 2026 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරන පිරිමි විස්සයි20 ලෝක කුසලානයට අදාළ වේ. ඒ අනුව ඉන්දියාව සහ පාකිස්තානය ක්‍රීඩා කරන ක්‍රිකට් තරග ශ්‍රී ලංකාවේ හෝ ඩුබායිහිදී සිදුවනු ඇති බවය.