එංගලන්තයේ ප්‍රධාන පෙළේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජයක් වන ග්ලැමෝගන් ක්‍රීඩා සමාජය සමගින් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ගිවිසුම් ගත වී ඇත.ඒ අනුව ඔහු ග්ලැමෝගන් කණ්ඩායම නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා ක්‍රීඩකයා බවට පත්වනු ඇත.එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩය (Division Two) යටතේ ග්ලැමෝගන් ක්‍රීඩා සමාජය ක්‍රීඩාකරන අතර, එම තරගාවලිය එළැඹෙන අප්‍රේල් මාසයේ දී ආරම්භවීමට නියමිතව ඇත.අසිත එහි පළමු මාස දෙක ග්ලැමෝගන් වෙනුවෙන් ක්‍රීඩාකරනු ඇත. එහිදී ඔහු එම කණ්ඩායම නියෝජනය කරමින් තරග 7ක් ක්‍රීඩාකිරීමට නියමිතය.මේ වනවිට 27 වියේ පසුවන අසිත ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 21කට ක්‍රීඩාකර කඩුලු 72ක් දවාගෙන සිටියි.ඔහු පළමු පෙළ තරග 80කදී කඩුලු 251ක් දවා ගැනීමට සමත් වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ සිදුකළ එංගලන්ත තරග සංචාරයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ද අසිත සමත් වූ අතර, එහිදී ඔහු කඩුලු 17ක් බිඳහෙලා තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්විය.