ඕස්ට්‍රේලියානු කුලී රථවල මිල ගණන් වංචාවක් පිළිබද මගීන්ට අනතුරු අඟවයි.

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියානු කුලී රථවල මිල ගණන් වංචාවක් පිළිබද මගීන්ට අනතුරු අඟවයි.

මෙල්බර්න් හි පැවැත්වෙන ඕස්ට්‍රේලියානු විවෘත තරගයට පෙර, සමහර රියදුරන් විසින් මිල වැඩි කිරීමේ උත්සාහයන් ගැන කුලී රථ භාවිතා කරන මගීන්ට අනතුරු අඟවා ඇත. 13cabs ප්‍රකාශක ඩේවිඩ් සැමුවෙල් ස්වාධීන රියදුරන් ඔවුන්ගේ මීටරයට සම්බන්ධ නොවන නව ගෙවීම් තාක්‍ෂණය භාවිතා කරමින් පාරිභෝගිකයින්ට ඉහළ ගාස්තු අය කිරීමට ඉඩ සලසන බවට ප්‍රකාශ කළේය. 

කුලී රථ රියදුරන් මීටර ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී බව අවධාරණය කළ වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන්, එවැනි හැසිරීම්වලට මුහුණ දෙන මගීන් Safe Transport Victoria වෙත වාර්තා කරන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, සැමුවෙල් තර්ක කරන්නේ එවැනි සිදුවීම් වාර්තා කිරීමට මගීන් මත විශ්වාසය තැබීම ප්‍රමාණවත් නොවන බවත්, වඩා ශක්තිමත් රෙගුලාසි අවශ්‍ය බවත්ය.ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය ජනවාරි 12 වනදා ආරම්භ වන බැවින්, කුලී රථ සමාගම් මගීන්ට livery  සලකුණු සහිත වාහන භාවිතා කරන ලෙස පවසා ඇත.එමෙන්ම යම් ගැටළුකාරී තත්ත්වයක් මතු වුවහොත් ඔවුන්ට වාර්තා කළ හැකි බව සහතික කර ඇත.

Don't forget to share this post!

Recent Posts

063_2216576207
May 30, 2025