Melbourneහි $100,000ක ස්වර්ණාභරණ සොරකම් කළ මංකොල්ලකරුවන් සොයා මෙහෙයුමක්

  • Home
  • /
  • News
  • /
  • Melbourneහි $100,000ක ස්වර්ණාභරණ සොරකම් කළ මංකොල්ලකරුවන් සොයා මෙහෙයුමක්

වසරකට පමණ පෙර සිදු වූ ඩොලර් 100,000 ක ස්වර්ණාභරණ කොල්ලයකට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු හඳුනා ගැනීමට මෙල්බර්න් පොලිසිය මහජන සහාය පතයි. 

 

මෙම සිදුවීම 2024 ජනවාරි 27 වන දින මෙල්බර්න් CBD හි මැන්චෙස්ටර් පටුමගෙහි ස්වර්ණාභරණ වෙළඳසැලක සිදු විය.

 

අලුයම 4.00 ට පමණ පිරිමි දෙදෙනෙකු සහ කාන්තාවක් වෙළඳසැලට කඩා වැදී ඇත. එක් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් වෙළදසැළට ඇතුළු වන අතරතුර එක් පිරිමියෙකු jemmy bar එකක් භාවිතා කර ඇතුළු වී ඇත.

 

දෙවෙනි පුද්ගලයා මුරකරුවෙකු ලෙස ක්‍රියා කරමින් ඔත්තු බලමින් සිට ඇති අතර, තිදෙනා පෙරවරු 6:30 වන විට එම ස්ථානයෙන් පිටව ගිය නමුත් වෙළඳසැලට ඇතුළු වූ පුරුෂයා සහ කාන්තාව පෙරවරු 9:00 ට පමණ ආපසු පැමිණ ඇත.පසුව මෙම යුවළ පෙරවරු 9:20 ට පමණ නැවත ගබඩාවෙන් පිටව ගොස් ඇත.

 

මොවුන් විසින් දියමන්ති මුදු, පෞරාණික පෙන්ඩන්ට් සහ රන් මංගල පටි ඇතුළුව ආසන්න වශයෙන් ඩොලර් 100,000ක් වටිනා ස්වර්ණාභරණ සොරකම් කර ඇති බව විශ්වාස කෙරේ. 

 

සැකකරුවන්ගේ සීසීටීවී දර්ශන මේ වන විට මාධ්‍යයට නිකුත් කර ඇති අතර, තොරතුරු දන්නා ඕනෑම අයෙකුට ඉදිරිපත් වී 1800 333 000 අංකයට සම්බන්ධ වන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025