ඕස්ට්‍රේලියාවේ මත්පැන් සහ දුම්වැටී භාවිතය අඩු වෙමින් – නවතම දත්ත අනාවරණය කරයි. නවතම දත්ත අනූව ඔස්ට්‍රේලියානුවන්ගේ ජිවන වියදම් වැඩිවූවත්, ඔවුන් මත්පැන් පානය කිරීම සහ දුම්වැටී භාවිතයේ පැහැදිළි වෙනසක් දර්ශනය වී තිබේ. ඕස්ට්‍රේලියානු සංඛ්‍යා නියෝජිතායතනය වන (ABS) නිකුත් කළ මාසික ගෘහස්ථ වියදම් දර්ශකය අනූව, 2024 දෙසැම්බර් මාසයේදී පසුගිය වසරේ එම කාලසීමාවට වඩා ජනතාව වැඩි මුදලක් වියදම් කර ඇති පෙන්වා දී ඇත.
ඕස්ට්‍රේලියානුවන් මත්පැන් සහ දුම්වැටී සම්බන්ධ වියදම් සෙසු සියලුම ප්‍රවර්ගවලට වඩා 7.3%කින් අඩුවීමක් පෙන්නුම් කරයි. 2023 දෙසැම්බර් මාසයේදී මත්පැන් සහ දුම්වැටීම සඳහා වියදම් කළ මුදලට වඩා 2024 දී අනික් අංශ සඳහා වඩාත් වැඩි මුදලක් වැය කර ඇත.
අදික වියදම් වූ අංශ:
- ආහාර සඳහා – $460 මිලියනක අතිරේක වියදමක්
- ගෘහ භාණ්ඩ සහ උපකරණ සඳහා – $363 මිලියන්
- රෙදි සහ පුද්ගලික භාණ්ඩ සඳහාද වියදම් ඉහළ ගොස් ඇත
අඩු වියදම් වූ අංශ:
- ප්‍රවාහනය සඳහා – 2023 දෙසැම්බරයට සාපේක්ෂව $500 මිලියනයක අඩු වියදමක්
- මත්පැන් සහ දුම්වැටී – සියලුම ප්‍රදේශවල වියදම අඩු වී ඇත
අදාල වියදම් ගණන් අනූව සාමාන්‍ය ඔස්ට්‍රේලියානු පවුලකට, සතියකට ආහාර සඳහා $216ක්, ඉන්ධන සඳහා $57ක්, සහ කෝපි සඳහා $18ක් වැය වන බව Canstar Blue වෙබ් අඩවිය සඳහන් කරයි. ඕස්ට්‍රේලියාවේ ජාතික වියදම් රටාවන් වෙනස් වෙමින් පවතින අතර, සෞඛ්‍යය, ගෘහස්ථ භාණ්ඩ, සහ ප්‍රවාහනයේ වියදම් පදනම් කරගනිමින් 2024 වසරේදී වියදම් රටාවන් තුළ වැඩි වෙනසක් දැකිය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.