ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමේ සුදානමක්

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමේ සුදානමක්

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා  මෙම මස  10 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන බව සඳහන් ය. අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරය  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මත මෙය සිදුකරන බව සඳහන් ය. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ‘2025 ලෝක රාජ්‍ය සමුළුව’ ඇමතීමටද නියමිතව ඇත.එමෙන්ම ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව බවද සඳහන්ය.

 

Don't forget to share this post!

Recent Posts

01-reference-volcanoes-cb9bmt
May 9, 2025