රු.බි 3.8ක Unilever දකුණු ආසියාවේ විශාලම ආයෝජනය ශ්‍රී ලංකාවට

  • Home
  • /
  • News
  • /
  • රු.බි 3.8ක Unilever දකුණු ආසියාවේ විශාලම ආයෝජනය ශ්‍රී ලංකාවට

Unilever සමාගම විසින් දකුණු ආසියාවේ සිදුකරන ලද විශාලම ආයෝජනය සිදු කරමින් ඉදිකළ ධාන්‍යමය පාන ආහාර කර්මාන්ත ශාලාව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) සපුගස්කන්ද ලින්ඩල් කර්මාන්ත පුරයේදී විවෘත කෙරුණි.

ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමයන රැගෙන එන කර්මාන්ත අතරින් ඉදිරියෙන්ම සිටින යුනිලීවර් සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද හතරවන කර්මාන්ත ශාලාව මෙය වන අතර මේ සඳහා රුපියල් බිලියන 3.8 ක ආයෝජනයක් සිදුකර  තිබෙන අතර  මෙම ආහාර කර්මාන්ත ශාලාව 2023 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ අතර වසරක් තුළදී මෙහි ඉදිකිරීම් අවසන් කර අද දින නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුනිලීවර් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී Ali Tariq, සැපයුම්දාම අධ්‍යක්ෂ දමිත් අබේරත්න, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, යුනිලීවර් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ නිලධාරීන් ඇතුළු සම්භාවනීයන් රැසක් සහභාගි වී ඇති බව සඳහන් සඳහන් ය.

Don't forget to share this post!

Recent Posts

Unilever
February 21, 2025