ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ 150වන සංවත්සරය

  • Home
  • /
  • News
  • /
  • ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ 150වන සංවත්සරය

ලොව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පවත්වා 2027 වසරට වසර 150ක් සම්පූර්ණ වන අතර, එම සංවත්සරය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර විශේෂිත තරගයක් පැවැත්වීමට සැලසුම්කර ඇතැයි වාර්තා වේ.  

ලොව ගෞරවාන්විතම ක්‍රිකට් ආකෘතිය වන ටෙස්ට් ක්‍රීඩාවේ පළමු ටෙස්ට් තරගය 1877 වසරේ දී ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබීය.

එම තරගයෙන් ලකුණු 45ක ජයක් ඕස්ට්‍රේලියාවට හිමිවිය.

ඒ අනුව එම ටෙස්ට් තරගය පවත්වා 2027 වසර වනවිට වසර 150ක් පිරිම නිමිත්තනෙන්, එම වසරේ මාර්තු 11-15 දිනවල මෙල්බන්හිදී දිවාරාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස මෙම සංවත්සර සැමරුම් තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙය ඓතිහාසික මෙල්බන් ක්‍රීඩාංගණයේදී පවත්වන පළමු දිවාරාත්‍රී ටෙස්ට් තරගයද වනු ඇත.

Don't forget to share this post!

Recent Posts

image_e99c6c0c87
March 12, 2025