පාකිස්ථානයේ ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් මුදාගනී.

  • Home
  • /
  • News
  • /
  • පාකිස්ථානයේ ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් මුදාගනී.

පාකිස්ථානයේ සටන්කාමීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් 346 දෙනෙකු මුදාගෙන ඇතැයි වාර්තා වේ. 

පෙරේදා දහවල් Balochistan  ප්‍රාන්තයේදී අදාළ දුම්රිය පැහැර ගැනුණේ මගීන් 400 දෙනෙකුද සමඟින්ය.

දුම්රිය Balochistan ප්‍රාන්තයේ Quetta සිට Peshawar බලා ධාවනය වෙමින් තිබුණි.

පැහැරගැනීම සිදුකළ Balochistan බෙදුම්වාදීන් ප්‍රකාශකර තිබුනේ පැය 48ක් තුළ දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් නොකළහොත් මගීන් සමඟ දුම්රිය පුපුරුවා හරින බවය.

කෙසේ වෙතත් පාකිස්ථාන ආරක්ෂක දියත් කළ මෙහෙයුමකින් අනතුරුව අදාළ දුම්රිය මගීන් පිරිස මුදාගැනීමට සමත්ව තිබේ.

පාකිස්ථාන බලධාරීන් පවසන්නේ, දුම්රිය අත්පත් කරගත් සටන්කාමීන් 33 දෙනාම ඝාතනය කළ බවය.

දෙපාර්ශ්වය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් 27 දෙනෙකුද මියගොස් තිබුණි.

Don't forget to share this post!

Recent Posts

44bef449f8cc76bb25e3d98353a5bc98ea247e88-1200x675
March 13, 2025