ලෝක ටෙස්ට් ශූරතාවලියේ ත්‍යාග මුදල ප්‍රකාශයට පත්කරයි.

  • Home
  • /
  • Sports
  • /
  • ලෝක ටෙස්ට් ශූරතාවලියේ ත්‍යාග මුදල ප්‍රකාශයට පත්කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙවර (2023-25) ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරගය ඇතුළුව එක් එක් ස්ථාන සඳහා පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණයන් අද (15) ප්‍රකාශයට පත් කළේය. දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ලෝඩ්ස්හි පැවැත්වෙන අවසන් මහා තරගයට මාසයකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී මෙම ත්‍යාග මුදල් එළිදැක්වීම විශේෂත්වයක්ය. ඒ අනුව මෙවර ​​අවසන් මහා තරගය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 5.76ක් හෙවත් මෙරට මුදලින් රුපියල් කෝටි 172ක් වෙන්කර ඇත. එය පෙර අදියර දෙකට වඩා දෙගුණයකටත් වඩා වැඩිය. මෙහිදී ශූරයන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක් වෙන්කර ඇති අතර, එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 108ක අගයක් ගනී. එමෙන්ම අනුශූරයන් සඳහාද අමෙරිකානු ඩොලර් මිලියන 2.16ක් (රු.කෝ. 64) වෙන්කර ඇත. මීට අමතරව ප්‍රසාද ලකුණු සටහනේ එක් එක් ස්ථාන අනුව මෙවරද ත්‍යාග මුදල් ලබාදෙන අතර, එයද පසුගිය අදියර දෙකට සාපෙක්ෂව ඉහළ අගයක් ගනී. ඒ අනුව මෙවර තරගාවලියේ 6වන ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් 840,000ක මුදලක් හිමිවන අතර, එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 25කට වැඩි අගයක් ගනී.

මෙවර තරගාවලියේ තෙවන ස්ථානය හිමිකරගත් ඉන්දියාවට අ.ඩො.මි. 1.44ක්, 4වන ස්ථානය හිමිකරගත් නවසීලන්තයට අ.ඩො.මි. 1.2ක්, 5වන ස්ථානය හිමිකරගත් එංගලන්තයට අ.ඩො. 960,000ක් හිමිවේ. ඊට අමතරව 7වන ස්ථානය හිමිකරගත් බංග්ලාදේශයට අ.ඩො. 720,000ක්, 8වන ස්ථානය හිමිකරගත් බ.ඉ. කොදෙව්වන්ට අ.ඩො. 600,000 හා 9වන හා අවසන් ස්ථානය හිමිකරගත් පාකිස්තානයට අ.ඩො. 480,000ක් ලෙසින් මුදල් ත්‍යාග හිමිවේ.

 

 

Image credit goes to by : https://www.facebook.com/icc?locale=fr_FR

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025