පන්ඡාබ් කණ්ඩායම IPL අවසන් මහා තරගයට

  • Home
  • /
  • Sports
  • /
  • පන්ඡාබ් කණ්ඩායම IPL අවසන් මහා තරගයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම ඊයේ (ජූනි 1) දිනයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින් සමත් වුණා.

දෙවන සුදුසුකම් ලැබිමේ තරඟයේදී, මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහරදී පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 203 ක් ලබාගත්තා.

එයට පිළිතුරු ලෙස ක්‍රීඩා කළ පන්ජාබ් කින්ග්ස්, පන්දුවාර 19කින් ජය ලකුණු ඉක්මවා ගියේ කඩුලු 5 ක් පමණක් දැවී තිබියදීයි.

මෙම ජයග්‍රහණයත් සමඟ හෙට (ජූනි 3) පැවැත්වෙන IPL අවසන් තරගය සඳහා පන්ජාබ් කින්ග්ස් සහ රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් දෙක සුදුසුකම් ලබා ඇත.

 

Image credit goes to: https://www.linkedin.com/posts/yash-tayal-7220b2229_key-factors-behind-punjab-kings-qualification-activity-7333776381748645889-0588

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025