IPL ඉතිහාසය වෙනස් වූ රාත්‍රිය

  • Home
  • /
  • Sports
  • /
  • IPL ඉතිහාසය වෙනස් වූ රාත්‍රිය

තරගකාරීම ලීග් ක්‍රිකට් තරඟාවලිය වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) 2025 අවසන් මහා තරගය ඊයේ දිනයේදී ඉතා දැවැන්ත උණුසුමක් සහිත තරඟයකින් අවසන් විය.

මෙවර අවසන් තරඟයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු (RCB) සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම් මුහුණ දුන්නේ, එම කණ්ඩායම් දෙකටම මුල්වරට IPL කුසලානයක් දිනාගැනීමේ ඉතාමත් විශාල බලාපොරොත්තුවක් යටතේය.

ඒ අවස්ථාවේදී කාසිය වාසිය ජයගෙන පළමුව පන්දු යැවීම තීරණය කළ පංජාබ් නායක ශ්‍රියස් අයියර්ගේ තීරණයට, RCB කණ්ඩායම සටන්කාමී පිළිතුරක් ලබා දුන්නේ පන්දුවාර 20 ක් තුළ කඩුළු 9ක් දැවී ලකුණු 190ක් රැස් කිරීමෙනි.

RCB පිල වෙනුවෙන් විරාට් කෝලි ලකුණු 43ක් (පන්දු 35කදී) ලබාගත් අතර, ජිටේෂ් ශර්මා (24 – 10 පන්දු) සහ රොමාරියෝ ෂෙපර්ඩ් (17 – 9 පන්දු) විසින් අවසන් අවස්ථාවේදී සිදුකළ ප්‍රවේගකාරී පිතිකරවීම රොයල් චැලෙන්ජර්ස් පිලට තරග ජයගැනීමට මූලික මඟ සලසිනි.

පංජාබ් පිල වෙනුවෙන් ආර්දීප් සිං සහ කයින් ජෙමිසන් එක්ව කඩුළු 3 බැගින් දවා ගන්නා ලදි. ඒ අනුව පංජාබ් කිංග්ස් කණ්ඩායම පිළිතුරු ඉනිමේදී සිය පන්දුවාර 20 අවසන් වූ විට ලකුණු 184ක් පමණක් ලබාගෙන, කඩුළු 7ක් දැවී, ලකුණු 6කින් පසු විය.

පංජාබ් පිලට ශක්තියක් වුණු ශෂන්ක් සිං හයේ පහර 6ක් සමඟ ලකුණු 61ක් (පන්දු 30) ලබා ගැනීමත්, සාර්ථක පිලිතුරක් නොවීය.

අවසන් විනාඩිය දක්වා උණුසුම් වූ තරගයකින් පසු ලකුණු 6ක ජයක් සමඟ RCB කණ්ඩායම 2025 IPL කුසලානය දිනාගනිමින්, තම වාර්තාවේ පළමු ශූරතාවය ලෙස ඉතිහාසයට ගතවිය.

 

Image credit goes to: https://x.com/rrjjt_01/status/1930110997483643251

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025