ශ්‍රී ලාංකීය කලාවේ අභිමානය මෙරට පුරා පතුරන අධ්‍යාපන ආයතනයක් ගැනයි මේ කියන්න යන්නේ. වසර 30 කට වැඩි පළපුරුද්දක් ඇති උඩරට නර්තන ශිල්පියෙකු වන අසංක තිලකසිරි මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන “සංකලන” නර්තන කලා ආයතනය ශ්‍රී ලංකාවේ නර්තන හා බෙර කලාවන්ගේ විචිත්‍රත්වය ඕස්ට්‍රේලියාව පුරා විහිදමින් සිටිනවා.
වික්ටෝරියා හි Donnybrook හි පිහිටා ඇති සංකලන ආයතනය විසින් රටේ ඕනෑම ස්ථානයක සිටින ඔබට අවශ්‍ය පරිදි, සියලුම උත්සව අවස්ථාවන්ට ශ්‍රී ලාංකීය කලාවේ සම්ප්‍රදායික රසය ගෙන ඒමට සූදානම්. ඔවුන්ගේ සේවාවන් අතර,
- ඔබගේ විවාහ උත්සවය සඳහා අවශ්‍ය පරිදි අලංකාර පෝරුව නිර්මාණය කිරීම.
- සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික පෝරුව උත්සව චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම.
- උත්සව අවස්ථා සඳහා ශ්‍රී ලාංකික බෙර සහ නර්තන කණ්ඩායම් ලබා දීම.
- විවාහ උත්සව සහ අනෙකුත් සංස්කෘතික අංගයන් සඳහා අලංකාර නිලමේ ඇඳුම් සහ ආභරණ සැපයීම.
- ඔබේ ජීවිතයේ වැදගත් අවස්තාවන් සඳහා සාම්ප්‍රදායික ජය මංගල ගාථා ගායනා කිරීම.
මේ සියල්ලට අමතරව සංකලන සමග එකතු වී උඩරට නර්තන කලාව සහ බෙර වාදනය ඉගෙන ගැනීමටත් ඔබට අවස්තාව තියනවා. ළමුන් සහ වැඩිහිටියන් සඳහා වෙන වෙනම කාණ්ඩ දෙකක් යටතේ පංති පැවැත්වෙන අතර සාම්ප්‍රදායික නර්තනයට හා බෙර වාදනයට ආසාව ඇති ඕනෑම කෙනෙක්ට මේ සඳහා සහභාගී විය හැකියි.
ලොව කොතැන සිටියත් ලාංකීය නාද රටාවන්ට, සිරිත් විරිත් වලට ආදරය කරන ඔබේ විශේෂ අවස්ථාවන් වඩාත් ලස්සන කරගන්න සංකලන වෙත අදම කතා කරන්න.
Tel: 0434 283 157
වැඩිදුර තොරතුරු සඳහා: