ඊශ්‍රායලය – ඉරානය සටන් විරාමය ක්‍රියාත්මක බවට ට්‍රම්ප් පවසයි.

  • Home
  • /
  • News
  • /
  • ඊශ්‍රායලය – ඉරානය සටන් විරාමය ක්‍රියාත්මක බවට ට්‍රම්ප් පවසයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ වනවිට සටන් විරාමයක් ක්‍රියාත්මක වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පවසා ඇත්තේ තම සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින්ය. එහිදී ඔහු, “කරුණාකර එය උල්ලංඝනය නොකරන්න,” යනුවෙන්ද වැඩිදුරටත් අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ, ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කළහොත් තමන්ගේ හමුදා මෙහෙයුම් ද නතර කරන බවයි.

නමුත් ඔහු තවදුරටත් පෙන්වා දී ඇත්තේ, මේ වනවිට තමාගේ රජය කිසිදු සටන් විරාමයකට හෝ හමුදා මෙහෙයුම් නවතා දැමීමක එකඟතාවකට පැමිණී නැති බවය.

එසේම, ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයකට එකඟ වී ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර සිදු කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරයක් ලෙස මෙම අදහස් ඉරාන විදේශ අමාත්‍යවරයා පළ කර ඇත.

Don't forget to share this post!

Recent Posts

elon musk
July 2, 2025