ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (25) කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගයේ විශේෂත්වයක් වශයෙන්, සොනාල් දිනූෂට තම ටෙස්ට් වරම හිමිවූ අවස්ථාවත් සටහන් විය. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදුන් ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ඔහු කණ්ඩායමට කැඳවනු ලැබීය.කොළඹ ද ලාසාල් සහ මහානාම විදුහල් වල ආදි සිසුවෙකු වන සොනාල්, ශ්‍රී ලංකාවේ 170 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වේ.
Image credit goes to by : https://island.lk/kamindu-mendis-a-star-in-ascent/