වසර 6කට පසු බංගලාදේශය පරදා දිනාගත් තරඟාවලි ජය

  • Home
  • /
  • Sports
  • /
  • වසර 6කට පසු බංගලාදේශය පරදා දිනාගත් තරඟාවලි ජය

ඊයේ (ජූලි 08) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වූ තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය පරදවමින් තරගාවලිය 2–1 ලෙස ජයගන්නා ලදී. මෙය වසර 6කට පසුව බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවක දිනාගත් එක්දින තරගාවලියක් වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා නායකයා කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එම තීරණය සාර්ථක විය. කුසල් මෙන්ඩිස්ගේ සහ නායක චරිත් අසලංකගේ දායකත්වයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් විය.

සිව්වන කඩුල්ල සදහා ලකුණු 124ක වටිනා සහයෝගයක් ගොඩනගා අසලංක ලකුණු 58ක් රැස් කරමින් තම 16වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේය. කුසල් මෙන්ඩිස් ශතකයක් රැස් කරමින් ලකුණු 124ක් ලබා ගනිමින් තමාගේ එක්දින ශතක ගණන 6ක් දක්වා ඉහළ නංවා තිබුණි. අවසන් වශයෙන්, ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50ක් අවසන් වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 285ක් ලබාගන්නා ලදි.

286ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට පිළිතුරු සපයන්නට නොහැකි විය. පන්දුවාර 39යි පන්දු 04ක් තුළදී සියලුදෙනා දැවී ලකුණු 186ක් සඳහා සීමාවූ අතර, ශ්‍රී ලංකාව ලකුණු 99ක ජයක් ලැබීය.

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025