පොදු ප්‍රවාහනයේ නැතුවම බැරි දෙන්නෙක්

  • Home
  • /
  • Blog
  • /
  • පොදු ප්‍රවාහනයේ නැතුවම බැරි දෙන්නෙක්

ඕස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ විවිධ රටවලින් පැමිණි ජන කොටස් රැසක් ජීවත් වෙන රටක්. රට තුල මෙම බහු සංස්කෘතික සංවර්ධනයේ කැපී පෙනෙන ලක්ෂණයක් තමයි දියුණු ප්‍රවාහනය කියන්නේ. මෙරට තුළ බයිසිකල් වල සිට ගුවන් ගමන් දක්වා විහිදුනු ප්‍රවාහන ක්‍රම රැසක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. කලින් article එකකින් අපි කතා කළා bicycles ගැන පොඩි හැඳින්වීමක්. අද අපි බලන්න යන්නේ Buses සහ Rail System එක ගැන.

Buses

බස් රථ කියන්නේ වඩාත් ආර්ථිකමය ප්‍රවාහන මාධ්‍යයක්. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන්ට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මෙම බස් සේවා බොහොමයක් නැවත භාවිතා කළ හැකි ඒ කියන්නේ reusable smart card පද්ධතියකින් ක්‍රියාත්මක කළත්, සමහර ප්‍රාදේශීය නගරවල, බස් රියදුරන්ගෙන් සෘජුවම ටිකට්පත් මිලදී ගන්න පුළුවන්.

දිගු දුර බස් රථ සේවාවත්, දුම්රිය ගමන් වලට වඩා හොඳ විකල්පයක්. මෙම වාහන බොහෝමයකම onboard entertainment සහ restrooms තිබෙන නිසා බස් රථයෙන් ගමන් කරණ එක ඔයාට පහසු වේවි. සමහර බස් රථ වල Wi-Fi සහ USB  charger points පවා තිබෙනවා. Greyhound, Transport Network Australia, Bus Charter යනු බස් රථයක් වෙන්කරවා ගැනීමට ඔබට පිවිසිය හැකි වෙබ් අඩවි කිහිපයක්.

Rail System

ඕස්ට්‍රේලියාවේ subways සහ train system එක රටේ සෑම ප්‍රදේශයකටම සම්බන්ධ වෙනවා. ඕස්ට්‍රේලියාවේ මෙම විශාල දුම්රිය ජාලය 33,919km කට වඩා වැඩි ධාවන පථ වලින් සමන්විත වෙනවා. එය රටේ වඩාත්ම ප්‍රවේශ විය හැකි සහ පහසු ප්‍රවාහන ක්‍රමවලින් එකක්. Tilt Train, Indian Pacific Sydney, සහ The Ghan යනු රටේ ජනප්‍රිය දුම්රිය සේවා සපයන්නන් කිහිපයක්.

 

 

 

Image credit goes to by : https://www.thestar.com.my/aseanplus/aseanplus-news/2025/06/07/australian-cities-offer-free-public-transport-to-fill-empty-seats-ease-cost-of-living-pain

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026