ඔබ ඕස්ට්‍රේලියාවේ සිටින විටදීම වෙනත් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නම්, ඔබේ වීසා බලපත්‍රය කල් ඉකුත් වීමට පෙර අයදුම් කළ යුතු වෙනවා. ඔබේ වීසා බලපත්‍රය කල් ඉකුත් වන්නේ නම් හෝ තවත් දිගු කාලයක් රැඳී සිටීමට අවශ්‍යනම් ඔබට ඇති විකල්ප පිළිබඳව අපි අද කතා කරමු.
වීසා කොන්දේසි තේරුම් ගැනීම
ඔයාගේ දැනට තිබෙන වීසා බලපත්‍රයේ තවදුරටත් රැඳී සිටීම වළක්වන කොන්දේසියක් තියෙනවා නම්, ඔබට ඕස්ට්‍රේලියාවේ නව වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්න බැහැ. ඔබට VEVO හරහා අදාළ කොන්දේසි පරීක්ෂා කරන්න පුළුවන්. සමහර අවස්ථාවන් වලදී, කොන්දේසිය අත්හැරීමට ඉල්ලුම් කරන්න පුළුවන්.
Bridging visa බලපත්‍රයක නීත්‍යානුකූල පසුබිම
ඔබේ වත්මන් Substantive visa එක කල් ඉකුත් වීමට පෙර ඔබ නව වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරනවා නම්, සාමාන්‍යයෙන් Bridging visa A (BVA) හෝ විකල්ප Bridging visa බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්.
බොහෝ අවස්ථාවලදී වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේම කොටසක් ලෙස Bridging visa බලපත්‍රය සඳහා ස්වයංක්‍රීයව අයදුම් කෙරෙනවා.
ඔබේ Bridging visa බලපත්‍රය ඔබට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ඉඩ දෙන්නේ:
- ඔබේ වත්මන් Substantive visa බලපත්‍රය කල් ඉකුත් වන විට සහ
- ඔබේ නව වීසා අයදුම්පත පිළිබඳව තීරණයක් ගෙන නොමැති විට
ඔබේ වත්මන් Substantive visa බලපත්‍රය කල් ඉකුත් වූ විට Bridging visa බලපත්‍රය ක්‍රියාත්මක වෙනවා. Bridging visa බලපත්‍රය ක්‍රියාත්මක වන තෙක් ඔයා වත්මන් වීසා බලපත්‍රයේ කොන්දේසි වලට අනුකූල විය යුතුයි.
ඔබගේ වත්මන් වීසා බලපත්‍රය අවලංගු කිරීම, ඔබගේ Bridging visa බලපත්‍රය බලාත්මක වීමට හේතුවක් වෙන්නේ නැහැ. මෙය ඔයාගේ Bridging visa බලපත්‍රයත් අවලංගු වීමට හේතුවක් වෙනවා. ඒ මගින් ඔබ නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවේ සිටින්නෙක් බවට පත් වෙනවා.
Expression of Interest (EOI)
සමහර skilled visa බලපත්‍ර සඳහා ඔයා Expression of Interest (EOI) ඉදිරිපත් කිරීමට අවශ්‍යයි. EOI යනු වීසා අයදුම්පතක් නොවන අතර EOI ඉදිරිපත් කිරීමෙන් ඔබට Bridging visa බලපත්‍රයක් ලබා දෙන්නේ නැහැ. Bridging visa බලපත්‍රයක් සඳහා ඔබේ සුදුසුකම් සලකා බලනු ලබන්නේ වලංගු වීසා බලපත්‍ර අයදුම්පතක් ගොනු කිරීමෙන් පසුව පමණයි.
ඔබ ඕස්ට්‍රේලියාවේ සිටින අයෙක්නම් සහ ඔබේ skilled visa එක අයදුම් කිරීමට සුදුසුකම් ලැබීමට පෙර දැනට ඔබ සතුව ඇති visa බලපත්‍රය අවලංගු වෙනවනම්, තව දුරටත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ඔබට වෙනත් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට සිදු වෙනවා.
වෙනත් වීසා බලපත්‍රයක් ප්‍රදානය කිරීම සඳහා වන අවශ්‍යතා ඔයා සපුරා නැත්නම්, ඔයාගේ වීසා බලපත්‍රය කල් ඉකුත් වීමට පෙර ඔයා ඕස්ට්‍රේලියාවෙන් පිටව යා යුතුයි.
Bridging visa බලපත්‍රයක් මත රැකියාවක් කිරීම
ඔයාගේ Bridging Visa A (BVA) සඳහා අදාළ වන වීසා කොන්දේසි මත පදනම් වෙලා ඔයාට ඕස්ට්‍රේලියාවේ වැඩ කිරීමට අවසර ලැබෙන්න පුළුවන්. ඔයාට ලැබෙන grant letter එකෙන් මෙම කොන්දේසි ගැන දැනගන්න අවස්ථාව තියෙනවා. VEVO එක හරහා ඔයාට work restrictions තිබෙනවද කියලා බලාගන්න පුළුවන්.
ඔබේ BVA එක ඔයාට රැකියාවක් කිරීමට ඉඩ නොදෙන්නේ නම් හෝ ඒ මගින් වැඩ කිරීමට සීමාවන් තිබෙනවා නම්, ඔයාට වැඩ කිරීමට ඉඩ සලසන වෙනත් BVA එකක් සඳහා අයදුම් කරන්න පුළුවන්. ඔයාට රැකියාවක් කිරීමට ඉඩ සලසන BVA එකක් සඳහා ඔයාව සලකා බලන්නනම්, ඔයා සාමාන්‍යයෙන් මූල්‍ය දුෂ්කරතාවයක සිටින බව ඔප්පුකර පෙන්විය යුතුයි.
ඔබට වැඩ කිරීමට අවශ්‍ය බවට ඔබ කරන ප්‍රකාශයට අදාළව තමයි ඔයාගේ තත්වයන් තක්සේරු කරන්නේ. ඔයා රැකියාව සඳහා අවශ්‍යතා සපුරා නොමැති නම් සහ ඔයා තවමත් BVA සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ඔයාගේ පෙර BVA එකෙහි තිබූ එම වැඩ සීමා කිරීමේ කොන්දේසිය සහිත නව BVA එකක් ඔයාට ලබා දෙනවා.
ඔබගේ වත්මන් BVA එක ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කිරීමෙන් ඔබව වළක්වනවා හෝ සීමා කරනවා වුවත්, ඔබට රැකියාවක් කිරීමට ඉඩ සලසන නව BVA එකක් ලබා දිය නොහැකි වන්නේ;
- ඔබගේ වත්මන් BVA එක ඔබට ලබා දී ඇත්තේ ඔබ ඔබේ substantive visa අයදුම්පත සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳ අධිකරණ සමාලෝචනයක් සඳහා ඉල්ලුම් කර ඇති නිසා හෝ
- ඔබ protection visa බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කර ඇති නිසා ය.
අධිකරණ සමාලෝචනයේ පදනම මත Bridging visa බලපත්‍රයක් සඳහා අයදුම් කරන සහ දැනට 8101 කොන්දේසිය දරන protection visa අයදුම්කරුවන්ට රැකියා අයිතිවාසිකම් සඳහා අයදුම් කිරීමට අවස්ථාවක් නැහැ.
VEVO: https://immi.homeaffairs.gov.au/visas/already-have-a-visa/check-visa-details-and-conditions
Bridging Visa A (BVA): https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/bridging-visa-a-010