Films වලට කැමති අයට හොඳම ආරංචියක් තමයි මේ කියන්න හදන්නේ. Melbourne International Film Festival (MIFF) එකේ 73 වැනි edition එක අගෝස්තු 7 සිට 24 දක්වා පැවැත්වෙනවා.
මේ අනුව Melbourne, regional Victoria, සහ නිවසේ රැඳී සිටින පිරිසට online පවා චිත්‍රපට 275 කට වැඩි සංඛ්‍යාවක් තිරගත කිරීමට සූදානම් කරලා තිබෙනවා. මේ චිත්‍රපට අතර features, shorts ඇතුළු ලොව අනර්ගතම චිත්‍රපට රැසක් දැකගන්න ලැබේවි.
මෙම වසරේත් සංවාදයන් ඇති කිරීමට සහ චිත්‍රපටවල විචිත්‍රත්වය සැමරීමට හැකි නිර්මාණ රාශියක් එක් කර තිබෙනවා.
Jimmy Barnes ගේ Working Class Man තේමා කරගනිමින් Andrew Farrell විසින් අධ්‍යක්ෂණය කළ Working Class Boy හි world premiere එක මෙහි වඩා කැපී පෙනෙනවා. දුර්ලභ දර්ශන සහ ඍජු සම්මුඛ සාකච්ඡා වලින් පිරුණු, මෙම චිත්‍රපටිය Glasgow සටන්කරුගේ සිට ඕස්ට්‍රේලියානු rock legend දක්වා ආ Barnes ගේ ගමන ගැඹුරට නිර්වචනය කරනවා.
සංගීත සහ චිත්‍රපට ලෝලීන්ට තවත් සතුටුදායක ආරංචියක් තමයි RRR විසින් ඉදිරිපත් කරන ලද, සැමවිටම ජනප්‍රිය Music on Film series එක නැවත පැමිණීම.
The Bright Horizons Competition එකත් නැවත එනවා. මේ සමග ඩොලර් 140,000 ක දැවැන්ත ත්‍යාගයක් පිරිනැමීමට නියමිතයි. ඒ අනුව මෙය දකුණු අර්ධගෝලයේ විශාලතම චිත්‍රපට සම්මානයයි. මෙම වසරේ ජූරි සභාවේ සභාපතිත්වය දරන්නේ Aftersun අධ්‍යක්ෂක Charlotte Wells විසින්.
Went Up the Hill (Dacre Montgomery, Vicky Krieps), We Bury the Dead (Daisy Ridley, Mark Coles Smith) වැනි දේශීය දේශීය චිත්‍රපට ද මෙම චිත්‍රපට උළෙලේදී සිය මංගල දර්ශන ප්‍රදර්ශනය කිරීමට සූදානම්.
දෙවන ලෝක යුද්ධය මුල් කරගෙන සැකසූ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Beast of War ද බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙනු ඇත. තවද MIFF ප්‍රථම වතාවට, AFL සමඟ එක්ව ඕස්ට්‍රේලියාවේ ප්‍රියතම ක්‍රීඩාවට නැවුම් මුහුණුවරක් ලබා දීමටත් සූදානමින් සිටිනවා.
ඉතින් සිනමා නිර්මාණ නරඹන්න, නිර්වචනය කරන්න, සාකච්චා කරන්න කැමති කිසිම කෙනෙක් මේ වටිනා ජාත්‍යන්තර සිනමා උළෙලක අත්දැකීම මගහැර ගන්න එපා.
Thursday 7th August 2025 – Sunday 24th August 2025
Tickets: https://miff.com.au/