පිට පිට එන attack වල අලුත්ම ගොදුර iiNet

  • Home
  • /
  • News
  • /
  • පිට පිට එන attack වල අලුත්ම ගොදුර iiNet

ඊට අමතරව, iiNet usernames 10,000ක්, street addresses සහ දුරකථන අංක වගේම modem set-up passwords 1700කට පමණ ප්‍රවේශ වී ඇති බව පෙනී යන බවද iiNet වැඩිදුරටත් දක්වා තිබෙනවා.

iiNet සමඟ තවදුරටත් ගනුදෙනු නොකරන පරිශීලකයින්ට පවා මේ මගින් අනතුරු අඟවා තිබෙනවා. ඊට හේතු වූයේ මෙම hack කිරීම පැරණි පාරිභෝගික වාර්තා අඩංගු පද්ධතියක් ඉලක්ක කර තිබීමයි.

සමාගම පවසන්නේ කිසිදු ක්‍රෙඩිට් කාඩ්පතක්, බැංකු විස්තර හෝ පාරිභෝගික හැඳුනුම්පත් ලේඛනයක්, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍ර තොරතුරු මෙහිදී අවදානමට ලක් නොවූ බවයි.

අගෝස්තු 16 වන සෙනසුරාදා මෙම සිදුවීම තහවුරු කිරීමෙන් පසු, මෙම සිදුවීම සඳහා ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කළ අතර, පද්ධතියේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කටයුතු ආරම්භ කළ බව සමාගම දන්වා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධව ඔවුන් Australian Cyber Security Centre, National Office of Cyber Security, Australian Signals Directorate සහ Australian Information Commissioner සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවත් පැවසුවා.

විශේෂයෙන් email, text හෝ දුරකථන ඇමතුම් හරහා ලැබෙන ඕනෑම සැක සහිත අවස්ථාවක් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස ඔවුන් ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටියා.

IiNet විසින් බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන් සෘජුවම සම්බන්ධ කර උපදෙස් ලබා දෙන අතර, බලපෑමට ලක් නොවූ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ තොරතුරු අවදානමට ලක් වී නොමැති බව තහවුරු කරනවා.

මෙම hack කිරීම සිදු වූයේ Qantas සමාගම විශාල සයිබර් ප්‍රහාරයකට ලක්ව මාසයක් ගතවීමෙන් පසුව වන අතර එමඟින් මිලියන 5.7 ක පුද්ගලයින්ගේ දත්ත නිරාවරණය වුණා.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025