උසස් අධ්‍යාපනයට වියදම් වැඩි ඔස්ට්‍රේලියාවේද නවසීලන්තයේද?

  • Home
  • /
  • Blog
  • /
  • උසස් අධ්‍යාපනයට වියදම් වැඩි ඔස්ට්‍රේලියාවේද නවසීලන්තයේද?

උසස් අධ්‍යාපනයට වියදම් වැඩි ඔස්ට්‍රේලියාවේද නවසීලන්තයේද 

ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ උසස් අධ්‍යාපන අවස්ථා ගැන කලින් article එකකින් අපි සංසන්දනාත්මකව කතා කළා. දැන් අපි බලමු මේ රටවල් 2හි උසස් අධ්‍යාපනය හදාරන්න යන වියදම් ගැන. අද කතා කරමු අධ්‍යයන වියදම් ගැන.

ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සාමාන්‍ය Tuition Fees

Tuition Fees එක ප්‍රධාන වශයෙන් තීරණය වන්නේ ඔයා ඇතුළත් වෙන විශ්ව විද්‍යාලය සහ තෝරාගන්න අධ්‍යයන පාඨමාලාව අනුවයි. ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඉහළම විශ්ව විද්‍යාල විසින් පිරිනමනු ලබන හොඳම පාඨමාලා සහ ඒවායේ සාමාන්‍ය Tuition Fees ගැන දළ අදහසක් තමයි පහලින් දක්වලා තිබෙන්නේ. 

මෙම ගාස්තු ඔයා තෝරා ගන්න වැඩසටහන අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ Tuition Fees පරාසයක් දක්වලා තිබෙනවා.  ඒ වගේම මේ මේ මිල ගණන් 2025 දී https://uniacco.com වෙබ් අඩවිය විසින් දක්වන ලද දත්ත මත තීරණය වෙනවා.

ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල  පාඨමාලා Average Fees Per Year (AU$)
Australian National University MBA/PGDM, MS, B.E/B.Tech, MA, BSc 40K- 51K
The University of Melbourne MBA/PGDM, MS, B.E/B.Tech, MA, BSc, MIM 22K – 77K
The University of Sydney MBA/PGDM, MS, B.E/B.Tech, MA, BSc, MIM 33K – 76K
The University of New South Wales MBA/PGDM, MS, B.E/B.Tech, MA, BSc, MIM 24K – 71K
The University of Queensland MBA/PGDM, MS, B.E/B.Tech, MA, BSc, MIM 28K – 86K

 

නවසීලන්ත විශ්වවිද්‍යාල  පාඨමාලා Average Fees Per Year (NZ$)
The University of Auckland MBA/PGDM, MS, B.E/B.Tech, MA, BSc 37K- 63K
University of Otago MBA/PGDM, MS, B.E/B.Tech, MA, BSc 27K – 64K
Victoria University of Wellington MBA/PGDM, MS, B.E/B.Tech, MA, BSc, MIM, M.Arch 30K – 65K
University of Canterbury MBA/PGDM, MS, B.E/B.Tech, MEng 24K – 75K
Massey University MBA/PGDM, B.E/B.Tech, MA, BSc, BBA 28K – 55K

ඔයා ඕස්ට්‍රේලියානු පුරවසියෙක්නම් ඔයා ඉතා පහසුවෙන්ම නවසීලන්ත විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලබනවා. ඒ සඳහා වෙනම visa ලබා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ.

Don't forget to share this post!

Recent Posts

733
December 28, 2025