දරුවෙකු නිවසේ තනිවම සිටීමට සුදුසු වන අවම වයස දන්නවද?

  • Home
  • /
  • Blog
  • /
  • දරුවෙකු නිවසේ තනිවම සිටීමට සුදුසු වන අවම වයස දන්නවද?

ළමයින්ගේ ආරක්ෂාව මුල් කරගෙන ඔස්ට්‍රේලියාව තුළද නීති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු නීතිය මගින් ළමයින් අපයෝජනයෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා. 

මෙම අපයෝජනය යන්නට ශාරීරික, මානසික හෝ ලිංගික අපයෝජන ඇතුළත් වෙනවා. ඕනෑම ආකාරයක ළමා අපයෝජන ඕස්ට්‍රේලියාව තුලදී බරපතල අපරාධ ලෙස සැලකෙනවා. සමහර අවස්ථාවලදී, අපයෝජනයෙන් පෙළෙන දරුවෙකුගේ ආරක්ෂාව සඳහා රජය විසින් ඔවුන් පවුලෙන් වෙන් කරන අවස්ථා ද තිබෙනවා. 

නීතිය යටතේ, දරුවෙකු අපයෝජනයෙන් පෙළෙන බව ඔබ දන්නේ නම්, හෝ දරුවෙකු අපයෝජනයෙන් පෙළෙන බවට සැක කරන්නේ නම්, ඔබ ඒ ගැන පොලිසියට වාර්තා කළ යුතුයි.

ඕස්ට්‍රේලියාවේ නීතිය මගින්, පහර දීමෙන් හෝ තදින් පහර දීමෙන් දරුවන් හික්මවීම අනුමත කරන්නේ නැහැ. ප්‍රචණ්ඩත්වය භාවිතා නොකර තම දරුවන් හික්මවීමන ක්‍රම දෙමාපියන් ඉගෙන ගැනීම ඉතා වැදගත්. දෙමාපියන්ට තම දරුවන් රැකබලා ගැනීම සඳහා මිතුරන්ගෙන්, අනෙකුත් පවුලේ සාමාජිකයන්ගෙන්, ප්‍රජා මධ්‍යස්ථානවලින් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානවලින් අමතර සහාය ලබා ගන්න පුළුවන්. 

දරුවන් රැකබලා ගැනීම පිළිබඳ තොරතුරු සහ උපදෙස් කවුන්සිල, සමාජ සේවකයින්, උපදේශන වෘත්තිකයන්, ළදරු පාසල් සහ පාසල්වලින් මෙන්ම Australian Institute of Family Studies වැනි වෙබ් අඩවිවලින් ද ලබා ගන්න පුළුවන්. වැඩි විස්තර සඳහා, www.aifs.gov.au වෙත පිවිසෙන්න.

නිවස තුළ තම දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය සඳහා දෙමාපියන් වගකිව යුතුයි. දරුවෙකුට නිවසේ තනිව සිටීමට සුදුසුවන අවම වයසක් ප්‍රකාශ කරන නීති නොමැති වුනත්, තම දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම දෙමාපියන්ගේ යුතුකම හා වගකීමද වෙනවා.

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025