වෙනත් රටක කෙනෙක්ව රැකියාවකට ගන්න හරිම විදිහ

  • Home
  • /
  • Blog
  • /
  • වෙනත් රටක කෙනෙක්ව රැකියාවකට ගන්න හරිම විදිහ

ඔයාගේ ආයතනයේ ​රැකියා පුරප්පාඩුවක් පිරවීම සඳහා ඔයාට ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිකරුවෙකු සොයාගන්න බැරිනම්, ඔයාට විදේශීය සේවකයෙකු සේවයේ යොදවන්න පුළුවන්. ඔවුන් තාවකාලික හෝ ස්ථිර වීසා බලපත්‍රයක සිටින අය විය හැකියි. 

විවිධ රැකියා අයිතිවාසිකම් සහිත වීසා විකල්ප පරාසයක්ම තිබෙනවා. සමහර වීසා බලපත්‍ර සඳහා වීසා අයදුම්කරුගේ අදාළ සේවායෝජකයා approved sponsor කෙනෙකු වීම අවශ්‍යයි.

ප්‍රධාන විවිධ වීසා වර්ග පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, visa options for skilled sponsored workers වෙත පිවිසෙන්න.

ඔබට විදේශීය සේවකයෙකු බඳවා ගැනීමට අවශ්‍ය නම්, ඔබට පිරවීමට අවශ්‍ය භූමිකාව සාමාන්‍යයෙන් skilled occupation list එකේ තිබිය යුතුයි. ඔබට පිරවීමට අවශ්‍ය රැකියාව ලැයිස්තුවේ නොමැති නම්, ඔබට labour agreement එකක් පිලිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් තිබෙනවා.

රැකියා භූමිකාවක් සඳහා විදේශීය සේවකයෙකු නම් කිරීමට නම් ඔයා organisation ImmiAccount එකක් නිර්මාණය කළ යුතු වෙනවා.

ඔයා හදපු ImmiAccount එක භාවිතා කරලා;

  • approved sponsor කෙනෙක් වීමට apply කරන්න
  • ඔබට පුරප්පාඩු පිරවීමට අවශ්‍ය රැකියා භූමිකාව නම් කරන්න
  • ඔබ සේවයේ යෙදවීමට කැමති පුද්ගලයා නම් කරන්න පුළුවන්.

ඔයා රැකියා භූමිකාවක් සඳහා විදේශීය සේවකයෙක් නම් කලාට පස්සේ, ඔවුන් visa application එකක් ඉදිරිපත් කළ යුතුයි.

ඔයාට දැනටමත් ඕස්ට්‍රේලියාවේ සිටින වීසා ඇති අයෙකු සේවයේ යෙදවීමට අවශ්‍ය විය හැකියි. එහෙම අවස්තාවක, ඔවුන්ට මෙහි රැකියාවක් කළ හැකිද යන්න සහ ඔවුන්ගේ වීසා බලපත්‍රයේ රැකියා සම්බන්ධ සීමාවන් තිබෙනවාද කියන දේ ඔයා පරීක්ෂා කළ යුතුයි. මේ සඳහා ඔයාට Visa Entitlement Verification Online (VEVO) භාවිතා කරන්න පුළුවන්.

වීසා හිමිකරුවන් ඕස්ට්‍රේලියානු සේවා ස්ථාන නීති මගින් ආරක්ෂා කර තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025