රැල්ලට හදන ගෙවල් වල හිතන්නේ නැති වැරදි

  • Home
  • /
  • Blog
  • /
  • රැල්ලට හදන ගෙවල් වල හිතන්නේ නැති වැරදි

අලුතින් ඉදිකරන ලද නිවාස අතර ජනප්‍රිය වන ප්‍රවණතාවක් දක්වමින් ඉදිකිරීම්කරුවෙකු අනතුරු අඟවන්නේ එය ව්‍යසනයකින් අවසන් විය හැකි අතර අලුත්වැඩියා කිරීමට ඩොලර් දහස් ගණනක් වැය විය හැකි බවයි.

ජනගහනය ඉහළ යාම, නිවාස සඳහා ඇති ඉල්ලුම සෑම විටම ඉහළ මට්ටමක පැවතීම සහ ගෘහ නිර්මාණ ශිල්පයේ රුචි අරුචිකම් වෙනස් වීම මධ්‍යයේ, eaves නොමැති ඉදිකිරීම් වැඩි වැඩියෙන් දකින්නට ලැබෙනවා.

Eaves කියන්නේ කුමක්ද කියලා ඔයාට ගැටළුවක් මතු වෙන්න පුළුවන්. eaves කියන්නේ නිවසක බාහිර බිත්ති පසුකර විහිදෙන වහලය පතුලේ එල්ලා ඇති තිරස් කොටස.

වඩාත් නවීන සහ සරල පෙනුමක් ඇති වාසස්ථානයක් සඳහා ඇති නැඹුරුතාව නිසා මෑත වසරවලදී මෙම කොටස සෙමෙන් අතුරුදහන් වී ඇති බව දැකගන්න පුළුවන්.

නමුත් පළපුරුදු සිඩ්නි වහල අලුත්වැඩියා කරන්නෙකු වන Jack Yuen පැවසුවේ මෙම eaves වැසි ජලයෙන් ඔබේ නිවස ආරක්ෂා කර ගැනීම සඳහා අමතර සැලැස්මක් ලෙස ක්‍රියා කරන බවයි.

“දැන් ඔබ eaves ඉවත් කළ පසු ජාල කාන්දුවක් සිදුවුවහොත්, එය බිත්තියේ කෙළවරට බලපානවා” යයි ඔහු ඔහුගේ Roofing Portal Sydney Roof Repairs YouTube channel එක හරහා පවසා තිබුණා.

“මේ අවස්ථාවේ දී, සිදුවන්නේ ජලය බොහෝ විට බිත්ති 2 අතර කුහරය (cavity එක) හරහා යන අතර එමගින් cavity එකේ ගැටලුවක් ඇති වීමට ඉඩ තිබෙනවා. එය ඔබ නොදැනුවත්වම දැව රාමු හෝ වෙනත් අංග දිරායාමට හේතුවක් වෙන්න පුළුවන්.”

ඉතින් ඔයත් අලුතෙන් නිවසක් ඉදි කරන්න හිතනවානම් අලංකාරය ගැන වගේම මේ වගේ තාක්ෂණික කාරණා ගැනත් හොඳින් සිතා බලන්න. ලොකු මුදලක් වියදම් කරලා හදන ඔයාගේ නිවසේ කල් පැවැත්මට මේ දේවල් ලොකු උදව්වක් වෙයි.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025