කලින් Articles කිහිපයකින්ම අපි ඕස්ට්‍රේලියාවේ විවිධ නීති රීති ගැන කතා කළා. අද කියන්න යන්නේ ඔයාගේ ආරක්ෂාව සහ අයිතිවාසිකාම් ආරක්ෂා කරන්න වැදගත් වෙන තවත් නීති 2ක් ගැන.
පිහි, ආයුධ සහ නීතිය
ඕස්ට්‍රේලියාවේ ගිනි අවි සහ අනෙකුත් ආයුධ හිමිකාරිත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි නීති තිබෙනවා. ගිනි අවියක් ලබා ගන්න කැමති කෙනෙක්ට ඒ සඳහා බලපත්‍රයක් තිබිය යුතුයි. පිහි (Knives) සාමාන්‍යයෙන් භයානක ආයුධ ලෙස සලකනු ලබන අතර පොදු ස්ථානවල දී ඒවා නීති විරෝධීයි.
මේ සඳහා බලපාන නීති සහ දඬුවම් එක් එක් states සහ territories අතර වෙනස් වෙනවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න, www.ag.gov.au වෙබ් අඩවියේ ‘Crime and corruption’ පිලිබඳ බලන්න
වංචාව සහ නීතිය
සේවාදායකයින් සෑම විටම තම පවුල් තත්ත්වය සහ ආදායම පිළිබඳ නිවැරදි තොරතුරු Department of Human Services සහ Australian Taxation Office වැනි රජයේ ආයතන වෙත ලබා දිය යුතුයි.
රජයේ ආයතන නොමඟ යවන අයට income support payments අහිමි වීම සහ රජයට මුදල් ආපසු ගෙවීම ඇතුළු දඬුවම් වලට මුහුණ දීමට සිදු වෙනවා.