අද කියන්නේ ඔයාට අවශ්‍ය හැමදෙයක්ම ගන්න පුළුවන් තැනක් ගැන. මේ තමයි Elephant House, එහෙමත් නැත්නම් ‘අලි ගෙදර’. Elephant House මුලින්ම 2004 දී Endeavour Hills වල ආරම්භ කළේ මෙල්බර්න් වල ජීවත් වෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ගොඩක් කාලයක් තිබ්බ අවශ්‍යතාවයක් සපුරාලමින්.
වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ සහ ආහාර සඳහා ඇති ඉල්ලුම වැඩිවීම නිසාම Elephant House 2004 මාර්තු 08 වන දින වත්මන් ස්ථානය වන Syndal Station එක අසළ Glen Waverley වෙත අරගෙන ආවා.
2009 මාර්තු 11 වන දින ශ්‍රී ලාංකික, ඉන්දියානු සහ ආසියානු ප්‍රජාවට සේවය කිරීමේ පුළුල් දැක්මක් සහිතව නව හිමිකාරිත්වයක් යටතේ නැවත අලුත් විදිහකට ආරම්භ වුණා.
අද වෙනකොට Elephant House කියන්නේ මෙල්බර්න් හි ශ්‍රී ලාංකික ප්‍රජාව අතර වඩාත් ජනප්‍රිය නාමයක්.
Elephant House වෙතින් ඔයාගේ නිවසට අවශ්‍ය ශ්‍රී ලාංකික නිෂ්පාදන ඕනෑම දෙයක් මිලදී ගන්න පුළුවන්. හැමෝම ප්‍රිය කරන ශ්‍රී ලාංකික වෙළඳ නාම රැසක්ම මෙහිදී ඔයාට දැකගන්න ලැබෙනවා.
විවිධ වර්ගයේ Sri Lankan Curry Mix, Chilli Paste, Biryani Mix, Turmeric Paste, Ambulthyal Paste, Yellow Rice Mix, Red Hot Curry Paste, Garlic & Ginger Minced, Minced Garlic ආදිය, විවිධ වර්ගයේ පරිප්පු, කඩල ආදී ධාන්‍ය වර්ග, වියළි කතුරුමුරුන්ගා, වියළි පොල්, සීනි සම්බෝල, කුරුඳු, බෙලිමල්, කජු, කොහිල, වෙනිවැල්ගැට, කරපිංචා powder, ආදී වියළා ගත ශ්‍රී ලාංකික අමුද්‍රව්‍ය, විවිධ කරවල වර්ග වගේම හාල්මැස්සන් වගේ ඕනෑම දෙයක් මෙහිදී මිලදී ගන්න පුළුවන්.
ඒ වගේම විශේෂම දෙයක් තමයි කොස්, කොස් ඇට, පොලොස් මැල්ලුම්, කොස් මැල්ලුම්, පොලොස්, නෙලුම් අල, කොහිල දළු, කොහිල අල, අළු කෙසෙල්, දඹල ආදී ගොඩක් දේවල් in brine නිෂ්පාදන විදිහට ඔයාට මෙහිදී මිලදී ගන්න පුළුවන්. පිටි කළ පොල් කිරි ඇතුළු ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය සෑම දෙයක්ම මිලදී ගන්න හොඳම තැන තමයි Elephant House.
ඒ වගේම ශ්‍රී ලාංකික රස සහිත අච්චාරු වර්ග සෝස් වර්ග, snacks, සම්බෝල, curries ආදී ready to eat කෑම වර්ගත් මෙහිදී ඔයාට මෙහිදී මිලදී ගන්න පුළුවන්. තේ, කෝපි, ජෑම් වර්ග, බිස්කට් වර්ග සහ විවිධ අතුරුපස වර්ගත් Elephant House වෙතින් රස බලන්න පුළුවන්. මෙයාලගෙන් Lunch and Dinner ගන්නත් අවස්තාව තිබෙනවා.
ඊට අමතරව නිවසට අවශ්‍ය පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය, රූපලාවන්‍ය ද්‍රව්‍ය, මුළුතැන්ගෙයි උපකරණ, පිළිම, බෙහෙත් වර්ග, සිංහ කොඩි බෞද්ධ කොඩි ආදියත් එකම තැනකින් අරගන්න Elephant House වෙත එන්න.
ඕනෑම දෙයක් online order කරන්න අවස්තාව තිබෙනවා. වැඩි විස්තර දැනගන්න Elephant House වෙබ් පිටුවට යන්න.
Web: https://elephanthouse.com.au/
Address: 25 Coleman Parade, Glen Waverly. Vic – 3150
E-mail: info@elephanthouse.com.au
Tel: +61 (0) 3 9803 3567