Western Australia-Sri Lanka (Ceylon) Association හෙවත් WASLA කියන්නේ 1971 දී, කීර්තිමත් ශ්‍රී ලාංකිකයෙකු වන Charles Oorloff මහතා විසින් ආරම්භ කරන ලද ප්‍රජා පාදක සංගමයක්.
මෙහි මෙහෙවර වෙන්නේ ශ්‍රී ලාංකිකයින්ට ඕස්ට්‍රේලියානු ප්‍රජාවට හොඳින් ඒකාබද්ධ වීමට සහාය වීමෙන්, ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ජනතාව අතර යහපත් සම්බන්ධතාවයක් ගොඩනැගීමයි.
WASLA ගැන සම්පූර්ණ විස්තරයක් අපි කලින් article එකකින් අරගෙන ආවා. අද කියන්නේ WASLA විසින් සංවිධානය කරන Senior Lunch 2025 ගැන. මේක South Perth Community Hall එකේදී මේ එළඹෙන නොවැම්බර් 9 වෙනදා දහවල් පැවැත්වෙනවා.
ජ්‍යෙෂ්ඨ ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කරන අර්ථවත් සංවාදයක් සහ සැමරුමක් වශයෙන් තමයි මේක සංවිධානය වෙන්නේ.
Oceanites සංගීතය සමග CK Black විසින් ගෙනෙන රසවත් ආහාර වේලක් රස විඳින්න Senior Lunch 2025 වෙත එන්න.
Senior Member $20.00
All others $25.00
Senior Lunch 2025
09 Nov 2025 12:00 PM
South Perth Civic Centre – Cnr Sandgate St & South Terrace, South Perth
ටිකට්පත් සඳහා අමතන්න
ඇන්තනි – 0417 946 170
කෙවින් – 0403 040 400
ෂෙරීන් – 0428 333 923
රොෂාන් – 0410 783 618
රංජිත් – 0487 067 197
ටිකට්පත් සහ වැඩි විස්තර සඳහා පිවිසෙන්න:
https://www.wasla.com.au/events/senior-lunch-2025-27
ඒ වගේම ඔයත් Western Australia වල ඉන්න ශ්‍රී ලාංකිකයෙක්නම්, එහෙමත් නැත්නම් ළඟදීම යන්න ඉන්න ශ්‍රී ලාංකිකයෙක් වුණත් ඔබටත් පුළුවන් WASLA වෙත කතා කරන්න වගේම ඔවුන් හා එකතු වෙන්න.
Address: 275 Stirling Street, Perth WA 6000
E-mail: admin@wasla.com.au
වැඩි විස්තර දැනගන්න වගේම WASLA හි සාමාජිකත්වය ලබා ගන්න: www.wasla.com.au