ශ්‍රී ලාංකික පුරවැසිභාවය නැතත් ලැබෙන විශේෂ visa

  • Home
  • /
  • Blog
  • /
  • ශ්‍රී ලාංකික පුරවැසිභාවය නැතත් ලැබෙන විශේෂ visa

ඔයා ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඉවත් කරගත් කෙනෙක්නම් හෝ වෙනත් ඕනෑම ශ්‍රී ලාංකික නොවන කෙනෙක්ට වැදගත් දෙයක් ගැන තමයි මේ කියන්නේ. ඒ තමයි ඔයා ශ්‍රී ලංකාවට එන්න ලබාගත යුතු Tourist Visa, එහෙමත් නැත්නම් සංචාරක වීසා ගැන. 

Tourist Visa නිකුත් කරනු ලබන්නේ විවිධ ස්ථාන නැරඹීම හෝ නිවාඩු ගත කිරීම, මිතුරන් සහ ඥාතීන් බැලීමට යාම, ආයුර්වේද ඇතුළු වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, කෙටි කාලයක් තුළ ක්‍රීඩා ඉසව් තරඟ සහ සංස්කෘතික කාර්ය සාධනයට අදාළ ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට කැමති සංචාරකයින් සඳහා යි.

සංචාරක වීසා බලපත්‍රලාභීන් සඳහා අදාළ වෙන කොන්දේසි:

  • සංචාරකයින්ට ඔවුන් රැඳී සිටින කාලය තුළ වීසා බලපත්‍රයේ දක්වා ඇති ඒවා හැර වෙනත් කිසිදු වෙළඳාමක/ව්‍යාපාරයක, වැටුප් සහිත හෝ රහිත කිසිදු ආකාරයක රැකියාවක නිරත වෙන්න බැහැ.
  • නිශ්චිත කල් ඉකුත් වීමේ දිනයට පෙර වීසා බලපත්‍රය භාවිතා කළ යුතුයි.
  • අවශ්‍ය නම්, මුල් දින 30 ට වඩා මාස 2 දිගුවක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්න පුළුවන්.
  • තවදුරටත් දීර්ඝ කිරීම් සලකා බලනු ලබන්නේ වලංගු හේතු සහිතව පමණයි. මෙම සීමාව ex-Sri Lankans ලාට අදාළ වෙන්නේ නැහැ.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025