පසුගිය මූල්‍ය වර්ෂයේදී බැංකු ශාඛා 155 ක් වසා දමා ඇති බව නවතම සංඛ්‍යාලේඛන වලින් පෙන්නුම් කරන අතර බැංකු ශාඛා සොයා ගැනීම දුෂ්කර වෙමින් පවතිනවා.
බැංකු නිරීක්ෂණ අංශයේ දත්ත පෙන්නුම් කරන්නේ පසුගිය වසර 5 තුළ බැංකු ශාඛා 1564 ක් වසා දමා ඇති අතර, ජූනි මස අවසානය දක්වා මාස 12 ක කාලය තුළ Commonwealth Bank එක ප්‍රමුඛත්වය ගෙන ඇති බවයි.
නමුත් පසුගිය වසර තුළ කලාපීය ශාඛා වසා දැමීමේ වේගය මන්දගාමී වීමකුත් දැකගන්න පුළුවන්.
පසුගිය වසරේ ශාඛා වසා දැමීම් වැඩි ප්‍රමාණයක් ප්‍රධාන නගරවල සිදු වූ අතර ප්‍රාදේශීය ශාඛා 24 ක් වසා දමා තිබෙනවා. දුරස්ථ හෝ ‘ඉතා දුරස්ථ’ ශාඛා 5ක් වසා තිබෙනවා. එය පෙර වසරේ වාර්තා වූ 8ට වඩා අඩු වීමක්.
වසා දැමීම් රට පුරා ඒකාකාරව ව්‍යාප්ත වී තිබෙනවා. සමස්තයක් වශයෙන්, NSW, Victoria, South Australia, NT සහ ACT යන සෑම තැනකම ශාඛාවලින් 4%ක් වසා දමා තිබෙනවා. WA හි ශාඛා වලින් 13% ක් අහිමි වී තිබෙනවා.
ටස්මේනියාවට කිසිදු ශාඛාවක් අහිමි වී නැහැ. Bendigo බැංකුව නව මූල්‍ය වර්ෂයේ පළමු සතියේදී කලාපීය ප්‍රදේශවල වික්ටෝරියානු සහ ටස්මේනියානු වසා දැමීම් රැල්ලක් නිවේදනය කළා.
පසුගිය මූල්‍ය වර්ෂය තුළ බැංකු ශාඛා 155 ක් වසා දමා ඇති අතර බැංකු ATM 333 ක් ද වසා දමා තිබෙනවා.
Commonwealth, NAB සහ Westpac හට Australia Post සමඟ ගනුදෙනු ඇති අතර එහිදී ගනුදෙනුකරුවන්ට මුදල් තැන්පත් කිරීමට, මුදල් ලබා ගැනීමට හෝ තැපැල් කාර්යාලවල ශේෂ විමසීම් කිරීමට හැකියි. මෙම තැපැල් කාර්යාල සේවාවලින් 62ක් (2%ක්) පසුගිය වසරේ වැසී ගියා.
ඕස්ට්‍රේලියාවේ වටිනාම සමාගම වන Commonwealth Bank එක පසුගිය වසර තුළ එහි ශාඛා 49ක් හෙවත් 7%ක් වසා දැමුවා. ANZ ද එහි ශාඛාවලින් 7% ක් වසා දැමූ අතර outlets 21 ක් වසා දැම්මා. Westpac ශාඛා 25 ක් (5%) වසා දැමුණා. NAB වසා දැමුවේ ශාඛා 3ක් පමණයි.
ANZ සිය ජාලය අඩකින් අඩු කරමින් පසුගිය වසර පහ තුළ වසා දැමීමට පෙරමුණ ගෙන තිබෙනවා. Westpac වසර 5ක් ඇතුළත එහි ශාඛා වලින් 46% ක් වසා දමා ඇති අතර Commonwealth සහ NAB 1/3 ක් පමණ වසා තිබෙනවා.
“බැංකුකරණය වැඩි වැඩියෙන් ඩිජිටල් වන විට, ශාඛාවක පෝලිම් ගැසීම වෙනුවට අන්තර්ජාලය හරහා tap, click, transfer සහ අයදුම් කිරීමට තවත් ගනුදෙනුකරුවන් සතුටු වන බවට සැකයක් නැත.” යනුවෙන් Ms Tindall පවසනවා.
“බැංකු සඳහා ඇති අභියෝගය වන්නේ මෙම මාරුව තුළ කිසිවකු පසුපසට නොයන බවට වග බලා ගැනීමයි.”
“Bank@Post, ශාඛා සහ ATM වසා දැමීම් නිසා ඇති වූ හිඩැස් පිරවීම සඳහා අඛණ්ඩව වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා”
“සමහර කුඩා නගර සඳහා, මිනිසුන්ට තවමත් මුදල් තැන්පත් කිරීමට, මුදල් ගැනීමට හෝ බිල්පත් ගෙවීමට හැකි එකම ස්ථානය දේශීය තැපැල් කාර්යාලය විය හැකියි”