Richard Flanagan විසින් රචිත “The Narrow Road to the Deep North” කියන කෘතිය හරහා ඔහු කතා කරන්නේ ඔහුගේ පියා දෙවන ලෝක යුද්ධ සමයේදී මාරාන්තික බුරුම-තායිලන්ත දුම්රිය මාර්ගයේ සේවය කරද්දී ලබපු අත්දැකීම් උපුටා දක්වමින්. මෙම කෘතිය 2014 වර්ෂයේදී Booker Prize එක ජයග්‍රහණය කරන්න පවා සමත් වුණා.
මේ පොත හරහා අපිට හමු වෙන්නේ ප්‍රබන්ධ වෛද්‍යවරයෙකු වන Dorrigo Evans ගේ දශක ගණනාවක් පුරා දිවෙන ජීවිතයයි. මෙහි එන Evans යුද්ධයේ සේවය කළ, තම සෙසු යුද සිරකරුවන්ට වඩාත් හොඳ කොන්දේසි ලබා ගැනීම සඳහා ජපන් නිලධාරීන් සමඟ සාකච්ඡා කළ, ඉතා ප්‍රශංසාවට ලක් වූ ඕස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකු වන Edward “Weary” Dunlop මත පදනම්ව ගොඩ නගා තිබෙනවා.
මේ පොත ආශ්‍රයෙන් 2025 දී 2025 Australian drama miniseries එකකුත් නිර්මාණය වුණා.
Sydney Morning Herald පුවත්පතේ Morag Fraser මෙම පොත හැඳින්වූයේ ‘දැවැන්ත නවකතාවක්, අභිලාෂකාමී, මෙහෙයවන, සහ එහි වාර්තාමය ආවේගයෙන් ලැජ්ජාවට පත් නොවූ’ කෘතියක් ලෙසයි. එය තම පියා සමඟ ජීවත් වූ සහ මිය ගිය මිනිසුන්ට වාර්තාගත උපහාරයක්. ඒ වගේම නවකතාකරුවෙක් ලෙස පුතෙකුට කළ හැකි හොඳම ආකාරයේ උපහාරයක්.
Image credit: https://www.theguardian.com/