ආර්යාවගේ කාර්යාලයත් සමතලා කරලා Trump හදන දේ

  • Home
  • /
  • News
  • /
  • ආර්යාවගේ කාර්යාලයත් සමතලා කරලා Trump හදන දේ

ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල නිවාස වන ධවල මන්දිරයේ ජනාධිපති ආර්යාවට නියමිත කොටස වන East Wing කඩා දැමීම Trump ගේ නියෝග යටතේ සඳුදා ආරම්භ වුණා. මෙය කඩා දැමීමට හේතුව වන්නේ එම ස්ථානයේ ballroom එකක් ඉදිකිරීමට Trumpට අවශ්‍ය වීමයි.

මෙම ballroom project එක සඳහා ඩොලර් මිලියන 250 කට වඩා වැය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය ට්‍රම්ප් සහ පරිත්‍යාගශීලීන් විසින් ගෙවනු ලබන බව ඔහු පවසා තිබුණා.

ප්‍රවෘත්ති වාර්තාවල කඩා දැමීමේ ඡායාරූප සංසරණය වීමට පටන් ගැනීමෙන් පසු ව්‍යාපෘතිය සඳහා ගොඩනැගිල්ල කඩන ලද බව ට්‍රම්ප් සඳුදා නිවේදනය කළා.

Trump පවසන ආකාරයට මේ ballroom එක ඉදි කිරීම වසර 15ක් තිස්සේ ඔහුගේ තිබූ ආශාවක්.

මෙය Trump විසින් කරගෙන යන ගොඩනැගිලි ඉදිකිරීම් සහ වෙනස් කිරීම් වල තවත් එක ව්‍යාපෘතියක්. මීට ධජ කණු එකතු කිරීම, රෝස උද්‍යාන සකස් කිරීම, Oval කාර්යාලය රත්තරන් පාටින් සරසා ගැනීමද ඇතුළත්.

Trump ට අනුව වසර 150ක් තිස්සේ සිටි සියලුම ජනාධිපතිවරුන් මෙවැනි ශාලාවක් ගැන සිහින දැක තිබෙනවා. ඉතා අවශ්‍ය ව්‍යාපෘතියක් ලෙස Trump විසින් හඳුන්වන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකි වූ පළමු ජනාධිපතිවරයා වීම ගැන ඔහු ආඩම්බර වන බවත් ඔහු පවසා තිබුණා.

Don't forget to share this post!

Recent Posts

414
October 24, 2025