පොලීසිය කියපු ගමන් ඕනෑම කෙනෙක්ට එන අදහස තමයි වැරදිකරුවන් අල්ලන්න වගේම නීතිය පසිඳලන්න තියන ආයතනයක් කියන එක.
පොලීසිය වැරදිකරුවන් අත්තදන්ගුවට ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒත් ඔයා දැනගෙන හිටියද සම්පූර්ණයෙන්ම වැරදිකරුවන්ගෙන් සමන්විත පොලීසියක් ගැන.
අහපු ගමන් ටිකක් අමුතුයි වගේ තමයි. මේ අමුතු පොලීසිය තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ. මේක බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදිහට පැවතුන කාලේ ආරම්භ වුණ සිදුවීමක්.
1788 දී, අලුතින් බිහි වූ New South Wales ජනාවාසයට පොලිස් බලකායක් අවශ්‍ය බව පෙනී ගියා. ඒ වෙනකොට මෙම වගකීම භාරව සිටි පුද්ගලයා වුණ ආණ්ඩුකාර පිලිප් විසින් එවකට ‘Night Watch’ ලෙස හැඳින්වූ මෙම ආරක්‍ෂක බල ඇණිය එක්රැස් කළා.
මේ සඳහා අවශ්‍ය මිනිස් බලය සඳහා ඔහු තම හොඳම හැසිරීම් ඇති වැරදිකරුවන් 12 දෙනෙකු එම රැකියාවට බඳවා ගත්තා. අද වන විට NSW පොලීසිය බවට පත් වෙලා තියෙන්නේ මේ විදිහට වැරදිකරුවන් 12 දෙනෙකුගෙන් ආරම්භ වුණු පොලීසියයි.
NSW පොලිස් බලකාය අද වෙනකොට ඉංග්‍රීසි කතා කරන ලෝකයේ විශාලතම පොලිස් සංවිධානවලින් එකක් බවට පත් වෙලා තිබෙනවා.