කුලී නිවසකට සල්ලි දෙන්න පෙර දෙපාරක් හිතන්න

  • Home
  • /
  • Blog
  • /
  • කුලී නිවසකට සල්ලි දෙන්න පෙර දෙපාරක් හිතන්න

ඕස්ට්‍රේලියාවේ, දේපල කුලියට ගන්නා පුද්ගලයා වෙන කුලී නිවැසියා (tenant) වගේම ඉඩම් හිමියා හෙවත් දේපල හිමිකරු (landlord) ලෙසත් ඔබව ආරක්ෂා කිරීමට අවශ්‍යය නීති ක්‍රියාත්මක වෙනවා.

ඔයා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ international student කෙනෙක් විදිහටනම්, දේපලක් කුලියට ගැනීමේදී ඔබට අනෙකුත් සෑම tenant කෙනෙකුටම තිබෙන සමාන අයිතිවාසිකම් තියෙනවා. මෙම අයිතිවාසිකම් නිර්මාණය කරලා තිබෙන්නේම ආරක්ෂිත සහ සුවපහසු ජීවන පරිසරයක් ඔබට ලබා දෙන්න. ඒ නිසා ඒ පිලිබඳ අවබෝධයෙන් සිටින එක ඉතා වැදගත්.

නවාතැනක් ලබා ගැනීමේදී ඔබේ අයිතිවාසිකම්

ඔයා ලියාපදිංචි දේපළ වෙළඳාම් නියෝජිතයෙකු හරහා දේපළක් කුලියට ගන්න විට, ඔයා නීත්‍යානුකූලව ආරක්ෂා වී ඇති බව සහතික කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ඔවුන් අනුගමනය කරනවා.

ඔයා දැනටමත් තිබෙන share house එකකට සම්බන්ධ වෙනවා නම් හෝ ඉඩම් හිමියාගෙන් සෘජුවම කුලියට ගන්නවා නම් (පෞද්ගලිකව කුලියට ගැනීම), කුලී නිවැසියෙකු ලෙස ඔබේ නීතිමය අයිතිවාසිකම් දැනගෙන සිටීම වැදගත්.

ලැයිස්තුගත කිරීම්

පෞද්ගලික කුලී නවාතැන් සොයන විට, ලිපිනය දෙවරක් පරීක්ෂා කරලා ගිහින් ඔයා තෝරාගත්ත නවාතැන හොඳින් පරීක්ෂා කරලා බලන්න. මේකෙදි ඔයා මිලදී ගන්න යන ස්ථානය, නවාතැන් සහ අවට ප්‍රදේශය පුද්ගලිකවම ගිහින් පරීක්ෂා කරන්න.

පෞද්ගලික කුලියට ගැනීමක් සඳහා අයදුම් කරන විට හෝ පවතින share house එකකට සම්බන්ධ වන විට, ඔයා යම් කිසි මුදලක් ඔවුන්ට ගෙවන්න කලින්, නිවාස හිමියාගේ (හිමිකරුගේ) අනන්‍යතාවය තහවුරු කරගන්න වගේම, පුරප්පාඩුව listing කරන පුද්ගලයාට එම කාමරය හෝ දේපළ කුලියට දීමට නීත්‍යානුකූල අයිතියක් තිබේදැයි පරීක්ෂා කරන්නත් අමතක කරන්න එපා.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025