Vodafone සමාගම තම wi-fi ඇමතුම් විශේෂාංගය භාවිතයෙන් හදිසි triple-0 ඇමතුම් ලබා ගැනීමේදී අදාළ වෙන තීරණාත්මක සීමාවන් පිළිබඳව දැනුවත් වන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
දෙසැම්බර් 1 වන දින සිට, පැරණි Apple iPhone කිහිපයක් තවදුරටත් Triple-0 ඇමතුම් ලබා ගැනීමේ හැකියාව ඇතුළුව Vodafone හි wi-fi ඇමතුම් විශේෂාංගයට සහාය දක්වන්නේ නැහැ.
බලපෑමට ලක් වූ devices ඇති පාරිභෝගිකයින්ට නියමිත දිනට පෙර ඔවුන්ගේ compatibility එක පරීක්ෂා කිරීමට හෝ ඔවුන්ගේ software, update කරගැනීමට සිදු වෙනවා.
මෙම වසරේ දෙසැම්බර් 1 වන දින සිට iPhone 6s, 6s Plus, 7, 7 Plus සහ first-generation iPhone SE සඳහා wi-fi ඇමතුම් විශේෂාංගය අක්‍රිය කෙරෙනවා.
සේවාව භාවිතා කිරීම දිගටම කරගෙන යාමට නව උපාංග සඳහා අනිවාර්ය software updates අවශ්‍ය වෙනවා;
- iPhone 11 හෝ පසු ඒවාට iOS 18.4 හෝ ඊට ඉහළ version එකක් තිබිය යුතුයි.
- iPhone 8, 8 Plus සහ X නවතම iOS version එකට update කළ යුතුයි.
Updates හෝ device changes සඳහා උදව් අවශ්‍ය පාරිභෝගිකයින්ට 1555 අමතා හෝ Vodafone වෙළඳසැලකට පිවිස සහය ලබාගත හැකියි.
4G හෝ 5G ජාල හරහා සිදු කරන සම්මත ඇමතුම් සඳහා වෙනස්කම් බලපාන්නේ නැති බව Vodafone තහවුරු කරා.