ඔයාගෙත් අන් අයගෙත් ආරක්ෂාව සහතික කරගන්න මාර්ග අනතුරු වලක්වා ගන්න විදිහ ගැන අපි විවිධ දේවල් කතා කළා. තමන්ට හුරු පුරුදු පාරවල් වල අනතුරු වැඩි වීමට හේතුව වගේම අනතුරු නිසා ඇති වන හිතා ගන්න බැරි බලපෑම් ගැනත් අපි කතා කළා. අද අපි බලමු මෝටර් රථ අනතුරු වළක්වා ගැනීමට උපකාරී වන ආරක්ෂිත රිය පැදවීමේ උපදෙස් කිහිපයක් ගැන.
1 . නීතිය දැනගෙන නීති රීති අනුගමනය කරන්න
ඔයා ජීවත් වෙන නිතර රිය පදවන ප්‍රදේශයේ මාර්ග වල වේග සීමාවන්, රථවාහන සංඥා සහ වාහන නැවැත්වීමේ සීමාවන් වැනි නීති සහ රෙගුලාසි පිළිබඳව හොඳ අවබෝධයක් තබාගන්න.
Seatbelt පළඳින්නේ නැත්නම්, ඔයා පොඩි දුරක් ගියා වුණත් ඔයා ඒ කරන්නේ නීතිය කඩ කිරීමක්. ඒ වගේම කිසිම වෙලාවක අවධානය වෙනතකට යොමු වෙන්න දෙන්න එපා. ප්‍රධානම දේ මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කර රිය පදවන්න එපා.
2 . Driving conditions ගැන විමසිල්ලෙන් සිටින්න
අයහපත් කාලගුණය රිය පැදවීමේ තත්ත්වයන්ට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. විශේෂයෙන් ඔයා ගමන් කරන ප්‍රදේශයේ අධික වර්ෂාව, හිම හෝ අයිස් තිබෙනවා නම්. මේ වගේ තත්වයන් යටතේ රිය පැදවීමේදී අමතර සැලකිල්ලක් දක්වන්න වෙනවා;
- ඔබේ වාහනයේ ටයර් හොඳ තත්ත්වයේ තිබෙන බව සහතික කරගන්න.
- මීදුම හෝ අඳුරු තත්ත්වයක් තිබෙනවා නම් lights on කරන්න.
- windscreen defogger භාවිත කරන්න.
- හදිස්සියේ ආරක්ෂිතව නැවත්වීමට හැකි වීම සඳහා ඔයාගේ වාහනය සහ ඉදිරියෙන් ඇති වාහනය අතර සැලකිය යුතු පරතරයක් තබාගන්න.
3 . Alert එකේ ඉන්න
හුරුපුරුදුකම නොසැලකිලිමත් රිය පැදවීමට හේතුවක් කරගන්න එපා. ඔයා මාර්ගය සහ අවට ප්‍රදේශය හොඳින් දැන සිටියත්, ඔයාගේ අවධානය වෙනතකට යොමු වෙන්න ඉඩ දෙන්න එපා. ඉදිකිරීම් සහ වෙනත් මාර්ග කටයුතු හේතුවෙන් අනපේක්ෂිත විදිහට මංතීරු වැසීම් සහ හැරීම් සිදුවිය හැකියි. ඒ නිසා alert එකේ සිටින්න. ඒ වගේම ඉදිකිරීම් සේවකයින් ලබා දෙන ඕනෑම මාර්ග සංඥාවක් හෝ උපදෙස් වලට කීකරු වෙන්න.
ඒ වගේම පාරේ ගමන් ගන්නා ඕනෑම අයෙකු ගැන විමසිල්ලෙන් සිටින්න. විශේෂයෙන් පදිකයින් සහ බයිසිකල්කරුවන් හමු වූ විට, හරවන විට, මංතීරුව වෙනස් කරන විට හෝ පදිකන් පාර මාරු වෙන ස්ථාන අසලදී ඔයා වැඩියෙන් ප්‍රවේශම් විය යුතුයි.
ඔයා පාරේ ගමන් කරනවා නම්, දිගු ගමනක් වුණත් කෙටි ගමනක් වුණත්, ඔයාට නිවැරදි රක්ෂණ ආවරණයක් ඇති බවට වග බලා ගන්න.