මෙල්බර්න් හි පුහුණු සැසියකදී ක්‍රිකට් පන්දුවක් වැදීමෙන් ඕස්ට්‍රේලියානු තරුණ ක්‍රීඩකයෙකු මිය ගොස් තිබෙනවා.
17 හැවිරිදි Ben Austin අඟහරුවාදා Ferntree Gully හි cricket nets වල පුහුණුවීම් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක් වුණා. ඔහු මේ අවස්තාවේදී helmet එකක් පැළඳ සිටියත් neck guard එකක් හැඳ සිට නැහැ. මෙම අනතුර සිදුව ඇත්තේ handheld ball launcher එකක් භාවිතයෙන් විසි කරන ලද බෝලයක් බෙල්ලේ වැදීමෙන්.
බෙන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කිරීමට පෙර, පස්වරු 5:00 ට පමණ හදිසි සේවකයින් එම ස්ථානයට පැමිණ තිබුණා. ඔහුට ජීවිතාරක්ෂක යන්ත්‍ර සවි කළ නමුත් බ්‍රහස්පතින්දා (ඊයේ) මිය ගියා.
මෙලෙසෙසම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Phillip Hughes 2014 දී පන්දුවක් බෙල්ලේ වදීමන් මිය ගියා.
 
													 
													 
													 
													 
													