Air India අනතුරේ ගැලවුම්කරු මාධ්‍යට කියූ අඳුරු කතාව

  • Home
  • /
  • Gossips
  • /
  • Air India අනතුරේ ගැලවුම්කරු මාධ්‍යට කියූ අඳුරු කතාව

ජුනි මාසයේදී පුද්ගලයින් 241 දෙනෙකුට මරු කැඳවූ එයාර් ඉන්දියා ගුවන් අනතුර ඔබ කාටත් මතක ඇති. එම අනතුරෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා, තම එදිනෙදා ජීවිතයට එම කම්පනය කෙතරම් බලපානවද කියන දේ පිළිබඳව පළමු වරට අදහස් දක්වලා තිබුණා.

39 හැවිරිදි විශ්වාෂ්කුමාර් රමේෂ් පළමු වරට 60 Minutes සමඟ ප්‍රසිද්ධ සාකච්ඡාවකට එක් වූ අතර, ඔහුට පවතින ශාරීරික හා මානසික බලපෑම් වල සිට ගුවන් සමාගමේ ප්‍රතිචාරය කෙරෙහි ඔහු තුළ ඇති වූ කලකිරීම දක්වා සියල්ල පිලිබඳ එහිදී අදහස් දක්වා තිබුණා.

ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් බලා ගමන් කල Boeing 787 යානය ගුවන් ගත වන විට රමේෂ් 11A ආසනයේ සිටියා.

තත්පර 32 කට පසු, ගුවන් යානය ජනාකීර්ණ යාබද ප්‍රදේශයකට කඩා වැටී ගිනිගෙන පුපුරා ගියා.

“ඒක වේදනාකාරීයි. මම මානසිකව, ශාරීරිකව ඉතා දුෂ්කර තත්වයකට පත්ව සිටින අතර, මගේ පවුලේ අය මානසිකව සම්පූර්ණයෙන්ම දුක් විඳිනවා” යනුවෙන් රමේෂ් Channel 9 වෙත පැවසා තිබුණා.

රමේෂ්ගේ බාල සහෝදරයා වන අජේ ද යානයේ සිටි අතර ඔහු අනතුරෙන් මිය ගියා.

දරුණු තුවාල තිබියදීත්, හදිසි පිටවීමේ දොරටුව විවෘත කර දැවෙන සුන්බුන් වලින් බේරීමට රමේෂ් සමත් වුණා. නමුත් බිහිසුණු සිදුවීමේ කැළැල් අදටත් පවතිනවා. ඔහුගේ ශාරීරික තුවාල සුව වී නොමැති බවත්, බේරා ගත නොහැකි වූ ඔහුගේ බාල සහෝදරයා ගැන ඔහු නිරන්තරයෙන් සිතන බවත් ඔහු පවසනවා.

ව්‍යසනයට පෙර, රමේෂ් තම සහෝදරයා සමඟ ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ Diu හි පවුලේ ධීවර ව්‍යාපාරයේ සේවය කළා. ඔහු තම බිරිඳ සහ කුඩා පුතා සමඟ ජීවත් වන Leicester හි ඔහුගේ නිවසට ආපසු යමින් සිටියදීයි මේ අනතුර සිදු තිබෙන්නේ.

නැවත එක්සත් රාජධානියට ආපසු පැමිණි දා සිට, රමේෂ්ට රැකියාවක් කිරීමට නොහැකි වී ඇති අතර ශාරීරික හා මානසික තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටිනවා. එයාර් ඉන්දියා ව්‍යසනයෙන් පසු පියාසර කිරීමට බිය බව ඔහු පැවසූ බව ද වාර්තා කර තිබෙනවා.

රමේෂ් සහ ඔහුගේ නියෝජිතයන් පවසන්නේ පොරොන්දු වූ පරිදි Air India සමාගම විසින් තමන්ට කිසිදු උපකාරයක් නොලැබුණු බවයි. 

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025