ළඟම එන දරුණුතම සුළි කුණාටුව

  • Home
  • /
  • News
  • /
  • ළඟම එන දරුණුතම සුළි කුණාටුව

එළඹෙන summer එක ගැන පූර්ව කාලගුණ අනාවැකි නිකුත් කර තිබෙනවා. ඒ මගින් පැවසෙන්නේ ඕස්ට්‍රේලියාවේ ගිම්හානය අස්ථාවර හා භයානක සුළි සුළං තත්ත්ව වලින් යුක්ත විය හැකි බවයි. ඒ වගේම කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ අසාමාන්‍ය ලෙස උණුසුම් සාගර උෂ්ණත්වය වඩාත් දරුණු නිවර්තන කුණාටු සඳහා හේතු වන බවයි.

නොවැම්බර් 1 වන දින නිල වශයෙන් ආරම්භ වූ 2025-26 සුළි සුළං සමය දැනටමත් පීඩාකාරී බවක් පෙන්වන බවත්, උතුරු ඕස්ට්‍රේලියාවේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් වැඩි බවත් විශේෂඥයින් පවසනවා.

කාලගුණ කලාප කාලගුණ විද්‍යාඥ Ben Domensino පැවසුවේ නිවර්තන සුළි සුළං ඇති වීමට අංශක 26.5 ක් හෝ ඊට වැඩි මුහුදු මතුපිට උෂ්ණත්වයක් අවශ්‍ය බවයි. මෙම සීමාව ඉක්මවා ගිය පසු, සාගර උෂ්ණත්වයත් සමග සුළි සුළං වල තීව්‍රතාව වැඩි වෙනවා.

සමහර උතුරු ප්‍රදේශවල, සාගර උෂ්ණත්වය දැනටමත් 27C ඉක්මවා ගොස් ඇති අතර, ක්වීන්ස්ලන්තයේ Gulf waters සහ උතුරු ප්‍රදේශයේ ඉහළ කෙළවර හරහා 31C දක්වා උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා.

මෙම උෂ්ණත්වයන් සාමාන්‍යයට වඩා අංශක 1-3 දක්වා ඉහළ අගයක් වන අතර මෙම කාලය සඳහා ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්ව 10% අතර තිබෙනවා.

කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ අසාමාන්‍ය ලෙස උණුසුම් ජලය ඉදිරි මාස කිහිපය තුළ වර්ධනය වන තීව්‍ර සුළි සුළං සංඛ්‍යාව වැඩි වීමට හේතු විය හැකි අතර එය නිවර්තන වෙරළ තීරයේ ජීවත් වන මිලියන සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන්ට බරපතල තර්ජනයක් එල්ල කරන බවයි.

නොවැම්බර් සහ අප්‍රේල් අතර සාමාන්‍යයෙන්, ඕස්ට්‍රේලියානු කලාපයේ නිවර්තන සුළි සුළං 9ක් හෝ 10 ක් පමණ ඇති වන අතර, අඩක් පමණ දරුණු 3වන කාණ්ඩයේ හෝ ඊට වැඩි ප්‍රබලතාවයකට ළඟා වෙනවා.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025