නවාතැනක් මිලදී ගන්නකොට වැදගත් වෙන Listings සහ Bond එක ගැන අපි කලින් articles වලින් කතා කළා. අද කියන්න හදන්නේ ඒ වගේම අලුත් නිවසකට යන ඔයාට වැදගත් වෙන Entry condition report එක ගැන.
Entry condition report (ඇතුල්වීමේ තත්ව වාර්තාව)
ඔයා පදිංචියට යන්න කලින් දේපළ සඳහා වගකීම දරන ඔයාගේ ඉඩම් හිමියා හෝ දේපළ නියෝජිතයා (දේපල කළමනාකරු) කොන්දේසි වාර්තාවක් සකස් කරනවා. එහි පිටපතක් ඔයාටත් ලබා දෙනවා. එවිට ඔයාට පුළුවන් වාර්තාව නිවැරදි දැයි පරීක්ෂා කරන්න.
ඔයාටත් මේ condition report එකට ඕනෑම වෙනසක් කරන්න පුළුවන්. නිවසට සිදුවන සැලකිය යුතු හානි, සවිකිරීම් හෝ වෙනස්කිරීම්, පැල්ලම් සහ සීරීම් වගේම දේපළ ඇතුළත සහ පිටත අපිරිසිදුකම වැනි ඕනෑම දෙයක් පිළිබඳ සටහන් එකතු කරන්න පුළුවන්.
lease එක sign කරලා ඔයාට යතුරු ලැබුණ ගමන්ම හැකි ඉක්මනින් ඔයා ලබාගත් නිවසේ තත්ත්වය ප්‍රවේශමෙන් පරීක්ෂා කරන්න. ඔයාගේ ගෘහ භාණ්ඩ අරගෙන යන්න කලින් පරීක්ෂා කරන එක ඔයාට පහසුයි. මේ විදිහට හොඳින් පරීක්ෂා කිරීමෙන් ඔයාට නිවසේ පවතින ඕනෑම හානියක් හෝ අලභානියක් පැහැදිලිව දැකගන්න පුළුවන්.
අවසානයේ වාර්තාව නිවැරදි හා සම්පූර්ණ බවට ඔයාට සෑහීමකට පත් වෙන්න පුළුවන් වූ විට report එක වහාම අත්සන් කරලා දිනය යොදලා ආපසු ලබා දිය යුතුයි. මේක සාමාන්‍යයෙන් පදිංචියට ගිහින් ව්‍යාපාරික දින 5ක් ඇතුළත සිදු කෙරෙන්න ඕනේ. ඔයා මේ form එක තැපෑලෙන් ආපසු ලබා දෙනවා නම් delivery එකට ගත වෙන කාලය ගැනත් සලකා බලන්න.
එය ඔවුන් වෙත ලැබුණු පසුව, ඔයාගේ නියෝජිතයා හෝ ඉඩම් හිමියා ඔයාට අත්සන් කළ condition report එකේ කඩදාසි හෝ විද්‍යුත් පිටපත් 2ක් ලබා දිය යුතුයි. කුලී ගිවිසුම් කාලය අවසන් වන තෙක් කුලී නිවැසියා සහ ඉඩම් හිමියා යන දෙදෙනාම වාර්තාවේ පිටපතක් ළඟ තබා ගැනීමත් අනිවාර්ය වෙනවා. එක ඕනෑම හදිස්සි අවස්තාවකදී ඔයාට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.
ඔයා නිවාස මුලින්ම පරීක්ෂා කරනකොට ඔයාට හමුවෙන ඕනෑම හානියක date-stamped photo එකක් ගන්න. ඔයාට පුළුවන් ඒ විදිහට ලබාගත්ත photos, condition report අමුණන්න, එහෙමත් නැත්නම් ඩිජිටල් පිටපත් email කරන්න. ඒ වගේම ඔයාගේ කුලී කාලය අවසන් වන තෙක් ඒවා ළඟ තබා ගන්නත් අමතක කරන්න එපා. මේක ඔයාගේ කුලී කාලය තුළ ඔයා පෙර පැවති හානියක් සිදු කර නොමැති බව සනාථ කරන අතරම ඔයාගේ බැඳුම්කර මුදල් සම්පූර්ණයෙන්ම ආපසු ලබා ගැනීම පහසු කරනවා.
අලුත්වැඩියාවක් අවශ්‍ය බව ඔයාගේ condition report එකේ සටහන් කර තිබෙනවා නම්, වාර්තාවේ මේ පිළිබඳව ලිඛිත දැනුම්දීමක් සපයන බැවින්, ඔබේ ඉඩම් හිමියා හෝ නියෝජිතයා සාධාරණ කාලයක් තුළ අලුත්වැඩියා කටයුතු සංවිධානය කළ යුතුයි.
ඉතින් මේ විදිහට ඔයා කුලියට නිවසක් ලබා ගැනීමේදී අවශ්‍ය වෙන නීති රීති ගැන අවබෝධයක් තබා ගැනීමෙන් සහ ඒවා අනුගමනය කිරීමෙන් ඔස්ට්‍රේලියාව තුළ ඔයාගේ අයිතිවාසිකම් තහවුරු කරගන්න වගේම ඔයා ගෙවන මුදලට උපරිම ප්‍රයෝජන ලබාගන්නත් පුළුවන්.