සුන්දර උල්කාපාත වර්ෂාවක් ඕස්ට්‍රේලියානු අහසේ

  • Home
  • /
  • Blog
  • /
  • සුන්දර උල්කාපාත වර්ෂාවක් ඕස්ට්‍රේලියානු අහසේ

Tempel-Tuttle වල්ගා තරුව විසින් ඉතිරි කරන ලද සුන්බුන් හරහා පෘථිවිය ගමන් කිරීම නිසා නොවැම්බර් මාසය පුරාම අලංකාර උල්කාපාත වර්ෂාවක් ඕස්ට්‍රේලියානු රාත්‍රී අහසේ දැකගන්න පුළුවන්.

නොවැම්බර් 17 සහ 18 යන දිනවල උදෑසන එහි උපරිමයට ළඟා වීමට පෙර සඳුදා සිටම වාර්ෂික Leonids උල්කාපාත අහස හරහා දැකගන්න පුළුවන්.

පෘථිවිය අභ්‍යවකාශයේ උල්කාපාත ප්‍රවාහයක් හරහා ගමන් කරන නිසා මෙම උල්කාපාත වර්ෂාව ලබන මස මුල දක්වා පවතිනු ඇති බව EarthSky වාර්තා කර තිබුණා.

තාරකා විද්‍යා වෙබ් අඩවිය වාර්තා කළේ උල්කාපාතය මධ්‍යම රාත්‍රියේදී පමණ පෙනීමට පටන් ගෙන අලුයම වන විට එහිඋපරිමයට පැමිණෙන බවයි.

චන්ද්‍රයෙකු නොමැති අඳුරු අහසක් යට පැයකට Leonid උල්කාපාත 15 ක් දක්වා දැකගත හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

1966 නොවැම්බර් 17 වන දින උදෑසන මිනිත්තු 15 ක කාලයක් තුළ විනාඩියකට උල්කාපාත දහස් ගණනක් තරම් ඉහළ අගයක් දැකගත හැකි වුණා. එදා රාත්‍රියේ Leonid උල්කාපාත වැස්සක් වගේ වැටුණා.

උල්කාපාත වර්ෂාව Leonid ලෙස නම් කර ඇත්තේ එය සූර්යයා වටා කක්ෂගත වීමට වසර 33 ක් පමණ ගත වන සිංහ තාරකා රාශියෙන් මතු වන නිසා බව Time and Date එහි වෙබ් අඩවියේ දක්වා තිබුණා.

උල්කාපාත වර්ෂාව ඕනෑම කෙනෙකුට නැරඹිය හැකි බවත්, නියම තත්වයන් යටතේ එය දැකීමට ඔබට විශේෂ උපකරණ අවශ්‍ය නොවන බවත් ප්‍රකාශකයෙක් පැවසුවා.

නගර ආලෝකයෙන් ඈත්ව හුදකලා ස්ථානයක් සොයා ගැනීමට සහ ඔබේ ඇස් අඳුරට අනුවර්තනය වීමට මිනිත්තු 20 ක් පමණ ඉඩ දෙන ලෙස ඔවුන් නිර්දේශ කරනවා.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025