වාහනයේ windscreen එක මෙහෙම පුපුරයි කියල හිතුවද?

  • Home
  • /
  • Blog
  • /
  • වාහනයේ windscreen එක මෙහෙම පුපුරයි කියල හිතුවද?

වාහනයක windscreen එක කියන්නේ ඉතාම වැදගත් කොටසක්. අද අපි බලමු කොහොමද මේ windscreen ආරක්ෂා කර ගන්නේ කියලා.

ඔයාගේ windscreen එකේ තිබෙන කුඩා පිපිරීම් සහ ඉරිතැලීම් විශාල ගැටළු බවට පත්වීමට ඉඩ දෙන දෙන්න එපා. ඒ නිසාම ඕස්ට්‍රේලියාවේ වෙනස් විය හැකි කාලගුණය සහ විවිධ seasons හරහා ඔයාගේ windscreen එක රැකබලා ගන්නේ කෙසේද කියන එක අපි කතා කරමු.

windscreen එකේ ඇති කුඩා බිඳීමක් හානිකර නොවන බවක් පෙනෙන්නට තිබුණත් ඒක ඇත්තටම හානිකර වෙන්න බැරිද? Summer එකේ දැවෙන තාපයේ සිට winter එකේ සීතල දක්වා, මේ windscreen එක විශාල පරාසයක උෂ්ණත්වයන්ට මුහුණ දෙනවා. එහි තිබෙන පුංචි බිඳීමක් ගැටළුවක් වෙන්නේ මෙන්න මේ වගේ අවස්තාවකදීයි.

දහවල් කාලය දීර්ඝ වෙලා දවස උණුසුම් වෙන්න පටන් ගන්නවට ඔයා කැමඑත් windscreen එකකට මේ තත්ත්වය දැනෙන්නේ කොහොමද? www.allianz.com.au වෙබ් අඩවිය දක්වල තිබෙන්නේ සාමාන්‍යයෙන්, 2024 සිට 2025 දක්වා ඔවුන්ගේ motor claims දත්ත, උණුසුම් මාසවලදී  windscreen claims වල ඉහළ යාම පෙන්නුම් කරන බවයි.

කාලගුණය උණුසුම් වන විට, ඔයාගේ windscreen glass එකේ ඇති කුඩා කඩතොළු විශාල ඉරිතැලීම් දක්වා ප්‍රසාරණය විය හැකියි. ඒ නිසා උණුසුම් summer day එකක් ඔයාගේ මෝටර් රථ සඳහා නම් එතරම් හොඳ ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අලුත්වැඩියා නොකළ windscreen chips සහ cracks සම්බන්ධව අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. 

උණුසුම් කාලගුණය beach days සහ road trips සඳහා ඉතාම සුදුසුයි. නමුත් හිතන්න, ඔයා ජලයේ සිසිල්ව ඉන්න අතරතුර, ඔයාගේ වාහනය ගොඩක් අවස්තාවලදී පැය ගණනක් අධික අව්වේ තබා තිබෙනවා. විශේෂයෙන්ම  සෙවන සහිත ස්ථාන වල ඉඩ නොමැති වූ විට.

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය 2021 දී වාර්තා කර තිබුණේ සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු නිවාසවල වාහන 1.8 ක් ඇති බවයි. බොහෝ නිවෙස්වල මෝටර් රථ 2කට තබා එකක් සඳහාවත් ප්‍රමාණවත් වෙන ගරාජයක් නැහැ. ඒ නිසාම ගොඩක් වාහන හිරු එලියට නිරාවරණය වෙන විදිහට එළියේ නවතා තිබෙනවා දැකගන්න පුළුවන්. 

රත් වූ විට වීදුරු ප්‍රසාරණය වීමට ඉඩ තිබෙන නිසා windscreenසඳහා මෙම තත්ත්වය ඒ තරම් හිතකර වෙන්නේ නැහැ. සෘජු හිරු එළියේ වාහන නැවැත්වීම windscreen එක රත් වීමට හේතු වන නිසා එයට එල්ල වන stress එක වැඩි කරනවා. මේ නිසා ඉරිතැලීම් සහ කුඩා බිඳී යාම් ඇති ඕනෑම ස්ථානයක් තව තවත් දුර්වල වෙලා පවතින හානිය තවත් නරක අතට හරවනවා.

තවත් මේකට බලපෑම් වෙන අවස්තාවක් තමයි AC එක.

රත් වෙලා තිබෙන වාහනයක් ඇතුළට නැගපු ගමන්ම AC එක on කරන එක තමයි බොහෝ දෙනාගේ පුරුද්ද. නමුත්, ඔයා AC එක on කරගෙන සනීපෙන් ඉන්න අතරදී windscreen එක කම්පනය වෙලා crack වෙන්න උනත් පුළුවන්.

AC එක ගොඩක් වැඩි කිරීමෙන් ක්ෂණික උෂ්ණත්ව වෙනස්වීමක් ඇති විය හැකි අතර ඒ නිසා වීදුරුව සිසිල් වී හැකිලීමට ඉඩ තිබෙනවා. මේකත් ඉරිතැලීමක් ඇතිවීමේ අවස්ථාව වැඩි කරනවා.

ඉති දැන් ඔයා දන්නවා විවිධ කාලගුණික තත්ත්ව අපි හිතන්නේ නැති වුනාට අපේ windscreen එකට එල්ල කරන්න පුළුවන් බලපෑම් ගැන. උණුසුම් වගේම සීත කාලගුණික තත්ත්ව යටතේත් windscreen එක හරියට පරිස්සම් කරගන්න හැටි අපි තවත් article එකකින් අරගෙන එන්නම්.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025