Plastic containers ඇතුළේ එන මාරයා

  • Home
  • /
  • Blog
  • /
  • Plastic containers ඇතුළේ එන මාරයා

ඔයත් plastic භාජන / උපකරණ dishwasher එක භාවිත කරලා හෝදන කෙනෙක්නම් microwave කරනවානම් මේ කතාව ඔයාට. 

මෑත කාලීන අධ්‍යයනවලින් පෙනී යන්නේ ඉහළ උෂ්ණත්වවලදී dishwasher වල ප්ලාස්ටික් භාජන සේදීමෙන් ඒවායෙන් අයිතම ක්ෂුද්‍ර හා නැනෝ ප්‍රමාණයේ අංශු පිටවන අතර ඒවා අපජලයට වගේම අපි කෑම ගන්න භාවිත කරන පිඟන් ආදියටත් එකතු වෙන්න පුළුවන්. 

ප්ලාස්ටික් භාජන සේදීමේදී පරිසරයට ඇති විය හැකි බලපෑම, සෞඛ්‍යයට ඇති විය හැකි බලපෑම් සහ අපගේ මුළුතැන්ගෙයින් microplastics මුදා හැරීම අවම කිරීමට උපකාරී වන ක්‍රම පිළිබඳව විශේෂඥ අදහස් කිහිපයක් සලකා බලමු.

ඔබේ dishwasher එකට දාන ප්ලාස්ටික් භාජන සහ මුළුතැන්ගෙයි උපකරණ වලට මොකක්ද වෙන්නේ?

Elvis Okoffo කියන්නේ Brisbane/Meanjin හි University of Queensland වල පාරිසරික සෞඛ්‍ය විද්‍යාව සඳහා වූ Queensland Alliance හි පර්යේෂණ සාමාජිකයෙකු වන අතර සාමාන්‍ය ගෘහස්ථ dishwasher යන්ත්‍රයක සේදීමේදී ප්ලාස්ටික් වලින් මුදා හරින අංශු පරිමාව පිලිබඳ අධ්‍යයනය කරනවා.

“රෙදි සෝදන යන්ත්‍රවලින් ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් නිකුත් කරන බව අපි දන්නවා. නමුත් මිනිසුන් සැලකිල්ලක් නොදක්වන දෙයක් වන්නේ පිඟන් සෝදන යන්ත්‍රයි” යනුවෙන් ආචාර්ය Okoffo පවසනවා.

ඔහුගේ කණ්ඩායමේ පර්යේෂණයට, පොදු ගෘහස්ථ ප්ලාස්ටික් වර්ග වන polypropylene (PP), polyethylene (PE), polystyrene (PS), nylon, සහ polyethylene terephthalate (PET) වලින් සාදන ලද භාජන dishwasher වලට දමා රසායනික, තාප සහ මතුපිට වෙනස් කරන  ක්‍රියාවලීන්ට යටත් කිරීම ඇතුළත් වූ අතර, ඒවා සෙල්සියස් අංශක 70 දක්වා උෂ්ණත්වයන්ට නිරාවරණය කිරීම, ඩිටර්ජන්ට් සහ නැවත නැවත සේදීමේ ක්‍රියාවලිය පරීක්ෂා කරනවා.

මේ සඳහා තෝරාගත් භාණ්ඩ සියල්ලම ‘dishwasher safe’ ලෙස නිර්දේශ කළ ඒවායි. එම පරීක්ෂණයෙන් හෙළි වන ආකාරයට එක සේදීමේ චක්‍රයකදී, ඔයා ක්ෂුද්‍ර සහ නැනෝ අංශු 920,000 ක් පමණ සහ වසරකට අංශු මිලියන 33 ක් පමණ නිකුත් කරනවා.

මොනාද මේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ නැනෝ ප්ලාස්ටික් කියන්නේ?

ක්ෂුද්‍ර ප්ලාස්ටික් (microplastics) කියන්නේ මයික්‍රෝමීටරයක (මීටරයකින් මිලියනයෙන් එකක්) සිට මිලිමීටර් 5 දක්වා ප්‍රමාණයේ කුඩා තන්තු හෝ ප්ලාස්ටික් කැබලි වන අතර නැනෝ ප්ලාස්ටික් (nanoplastics) ඊටත් වඩා කුඩා අංශු. නැනෝමීටරයක් ​​මයික්‍රෝමීටරයකට වඩා 1,000 ගුණයකින් කුඩායි.

Plastic අංශු අපේ ආහාර වලට ඇතුළු වෙනවද?

takeaway foods සඳහා බහුලව භාවිතා වන අඩු කල් පැවැත්මක් ඇති බහාලුම් වඩාත් අහිතකර වන අතර විශේෂයෙන්ම එහි ඇති ආහාර ටිකක් තෙල් සහිත නම් එම බලපෑම වැඩි වෙනවා. මෙම වර්ගයේ බහාලුම් මයික්‍රෝවේව් කිරීමත් සෛඛ්‍යයට හිතකර නැහැ.

මෙවැනි දේ මගින් අවසානයේදී වෙන්නේ ප්ලාස්ටික් අංශු අපේ ආහාරයට එකතු වීමයි. 

අපි සියලු දෙනා භාවිතා කරන polypropylene වලින් සෑදු takeaway containers අනෙකුත් සියලුම plastic වර්ග වලට වඩා ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ නැනෝ ප්ලාස්ටික් අංශු මුදා හරින බව ද පර්යේෂණ වලින් නිගමනය කර තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025