ඕනෑම කෙනෙකුගේ visa බලපත්‍රයේ තත්ත්වය ඉතා පහසුවෙන් පරීක්ෂා කරන්න පුළුවන් online system එකක් ගැන තමයි මේ කියන්න හදන්නේ.
මේක තමයි Visa Entitlement Verification Online, එහෙමත් නැත්නම් VEVO. වීසා හිමියන්ට, සේවා යෝජකයින්ට, අධ්‍යාපන සැපයුම්කරුවන්ට සහ අනෙකුත් සංවිධානවලට visa විස්තර සහ කොන්දේසි පරීක්ෂා කිරීමට මේ මගින් ඉඩ සලසනවා.
දැන් වෙනකොට ඔයා ළඟ තිබෙන බලාත්මක වීසා බලපත්‍රයට (in-effect visa) අදාළ විස්තර VEVO මගින් ඔයාට දැනගන්න පුළුවන්. මේ මගින් ලබාදෙන තොරතුරු වෙන්නේ;
- කුමන වීසා බලපත්‍රයක්ද
- කල් ඉකුත්වන දිනය
- කුමන දිනයෙන් පසු ද නොපැමිණිය යුතු
- රැඳී සිටින කාලය (ඔබට කොපමණ කාලයක් රැඳී සිටිය හැකිද)
‘බලාත්මක නොවන’ වීසා බලපත්‍රවලට (not ‘in-effect’) අදාළ කිසිදු විස්තරයක් VEVO හරහා ලබාගන්න බැහැ.
උදාහරණයක් විදිහට, ඔයා Bridging visa බලපත්‍රයක් දරන නමුත් ඔයාගේ substantive visa බලපත්‍රය තවමත් කල් ඉකුත් වී නොමැති අවස්ථාවක්.
https://online.immi.gov.au/evo/firstParty වෙතින් ඔයාටත් ඔයාගේ visa එකේ තත්ත්වය පරීක්ෂා කරගන්න පුළුවන්.