ලොව අංක 1 AI භාවිතය ඉන්දියාවෙන්

  • Home
  • /
  • News
  • /
  • ලොව අංක 1 AI භාවිතය ඉන්දියාවෙන්

ඉන්දියාව AI භාවිතයත් සමග පෙර නොවූ විරූ වර්ධනයක් අත්විඳිමින් සිටින අතර, එරට තුළ AI භාවිතය වසරින් වසර තුන් ගුණයකින් වැඩි වී ඇති බව OpenAI හි Oliver Jay පවසා තිබුණා.

OpenAI හි ජාත්‍යන්තර උපාය මාර්ග සඳහා කළමනාකාර අධ්‍යක්ෂ Jay පවසා තිබුණේ ඉන්දියාවේ AI භාවිතය මෙහෙයවනු ලබන්නේ නවතම AI තාක්ෂණයන් භාවිතා කිරීමට උනන්දුවක් දක්වන තරුණ ජනගහනයක් විසින් බවයි.

“ඉන්දියාවේ අප දකින දියුණුව ඇදහිය නොහැකි තරම්. අපි දැවැන්ත වර්ධනයක් දකිනවා. ඉන්දියාවේ වර්ධනය වසරින් වසර තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා. වයස අවුරුදු 18 ත් 24 ත් අතර පිරිස අතර AI ඉතා ඉක්මනින් වර්ධනය වන බව CNBC-TV18 හි 2025 ගෝලීය නායකත්ව සමුළුවේදී Jay පැවසුවා.

ඉන්දියානු සංවර්ධකයින් සහ ව්‍යාපාර AI භාවිතයේ ක්‍රියාකාරීව නියැලී සිටින ආකාරය ඔහු පෙන්වා දුන්නා. ඒ අතර ශිෂ්‍යයන් අතර ChatGPT හි study mode එකේ භාවිතයද කැපී පෙනුණා. ප්‍රවේශ්‍යතාව සහ දැරිය හැකි බව වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාවේ ChatGPT නොමිලේ ලබාදීමට OpenAI ගත් තීරණය ගැනත් ඔහු එහිදී සඳහන් කළා.

“පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ සිටීමෙන් මා ලබා ගත් දෙය නම් දක්ෂතාවයි. ඉංජිනේරු කුසලතාව අසමසමයි. ඉන්දියාවට නිසැකවම අතිමහත් දක්ෂතා තිබෙනවා.” යනුවෙන්ද ඔහු පැවසුවා. OpenAI මෙම වසර අගදී නවදිල්ලියේදී එහි පළමු ඉන්දියානු කාර්යාලය විවෘත කිරීමට නියමිත අතර, එය ChatGPT හි ඇමරිකා එක්සත් ජනපදයෙන් පසු දෙවන විශාලතම කාර්යාලයයි. 

ඉන්දියාව AI අතින් ආසියා පැසිෆික් කලාපය අභිබවා යමින් සිටින අතර එරට තුල සේවකයින් 92%ක් පමණ මේ වන විට කුමන හෝ අයුරකින් AI භාවිත කරනවා.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025