පාකිස්තානෙන් ආවොත් වසර 2කට ක්‍රිකට් තහනම්

  • Home
  • /
  • News
  • /
  • පාකිස්තානෙන් ආවොත් වසර 2කට ක්‍රිකට් තහනම්

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර එක දින තරඟාවලිය පසුගිය අඟහරුවාදා (11) ආරම්භ වූ අතර එදිනම තරඟය පැවති Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගනයට ඉතා ආසන්නයේ Islamabad නුවර බෝම්බයක් පුපුරා යෑමෙන් 12 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා. 

එත් සමගම එරට සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් නැවත ශ්‍රී ලංකාව බලා ඒමට ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර ක්‍රීඩකයින් 16 දෙනෙකු සිටින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව මාධ්‍යය වාර්තා කර තිබුණේ.

ඒ අනුව ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ 2වන එක දින තරඟය සඳහා 12 වන දා පැවැත්වූ පුහුණු සැසියටද ඔවුන් සහභාගී වී තිබුණේ නැහැ.

නමුත් පසුව ශ්‍රී ලංකා රජයේද මැදිහත්වීම ඇතුව පාකිස්තාන ක්‍රීඩා බලධාරීන් සමග කරන ලද සාකච්ඡාවකින් පසුව ක්‍රීඩකයින් සඳහා උපරිම ආරක්‍ෂාව ලබා දීමට එරට පොරොන්දු වීමෙන් පසු සුපුරුදු පරිදි තරඟාවලියට එකතු වීමට ඔවුන් එකඟ වී තිබෙනවා.

ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කණ්ඩායමේ ආරක්ෂාව වගේම ක්‍රීඩකයින් සිදු කළ ඉල්ලීම් කිහිපයකට ද එකඟතාව පල කළ බවයි. ඒ වගේම ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්යය මණ්ඩලයට තරඟාවලිය සඳහා සහභාගී වන ලෙසද දන්වා තිබෙනවා.

එමෙන්ම මාධ්‍යය වාර්තා කර තිබුණේ යම් ක්‍රීඩකයෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඒ සඳහා අතිරේක ක්‍රීඩකයන් යොමු කිරීමටත් පැමිණෙන ක්‍රීඩකයන්ට වසර 2කට වැඩි කාලයක් සඳහා ක්‍රිකට් තහනම් කිරීමටද ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී ඇති බවයි. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි පාකිස්තාන ආරක්ෂක ප්‍රධානීන් සමග ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා ද පුද්ගලිකවම සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිටින හෝටලයේදී පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සමග ද විශේෂ සාකච්ඡාවක් පවත්වා ආරක්‍ෂාව පිලිබඳ සහතික වී තිබෙනවා.

මේත් සමග තරඟාවලියේ සැලසුම් කරපු තරඟ සියල්ල කාලසටහනේ යම් වෙනස්කම් සහිතව ඉදිරියේදී පැවැත්වෙනවා.

ඒ අනුව ඊයේ (13) පැවැත්වීමට නියමිතව තිබූ 2 වන එක් දින තරඟය අද (14) පැවැත්වෙනවා. අවසන් එක දින තරඟය 16 වන දා පැවැත්වීමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායමද සමග පැවැත්වෙන 3 කොන් 20යි 20 තරඟාවලිය ලාහෝර්හි පැවැත්වීමට නියමිතව තිබුණත් එම තරංග සියල්ලත් Rawalpindi හි දීම පැවැත්වෙන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Image credit: www.espncricinfo.com 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025