නවසීලන්තයේ ඉහළම අධිකරණය සඳුදා පහළ උසාවියක තීන්දුවට පක්ෂව තීරණය කළේ, Uber රියදුරන් තම සේවකයින් ලෙස සැලකිය යුතු බවටයි.
Employment Court එක විසින් 2022 දී දුන් තීන්දුවකට එරෙහිව Uber විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව ප්‍රතික්ෂේප කළ අතර, එහි සඳහන් වූයේ Uber රියදුරන් 4 දෙනා කොන්ත්‍රාත්කරුවන්ට වඩා ව්‍යාපාරයේ සේවකයින් වන බවයි.
Uber රියදුරන් 4 දෙනා වෙනුවෙන් වෘත්තීය සමිති දෙකක් විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. Uber රියදුරන් තම platform එක භාවිතා කරන ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් බවත් සේවකයින් නොවන බවත් Uber තර්ක කළා.
ඉහළම උසාවියේ මෙම තීන්දුව මගින් Uber රියදුරන්ට එක්සත් රාජධානිය ඇතුළු රටවල් ගණනාවක සිටින අයට සමාන අයිතිවාසිකම් ලබා දිය හැකියි.
Workers First Union පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දහස් ගණනක් Workers First Union එකෙහි සාමාජිකයින්ට සම්පූර්ණ රැකියා අයිතිවාසිකම් ලබා ගැනීමට මග පාදන අතර, ඓතිහාසික වැටුප් සහ හිමිකම් සඳහා ප්‍රතිස්ථාපනය ඇතුළු ක්‍රියාවලියකට මූලික අඩිතාලම දමන බවයි.
Uber Australia & New Zealand හි කළමනාකාර අධ්‍යක්ෂ Emma Foley නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, නවසීලන්තය පුරා කොන්ත්‍රාත් විධිවිධාන පිළිබඳව සැලකිය යුතු සැකයක් මතු කරන බැවින් සමාගම මෙම තීරණය ගැන කලකිරීමට පත් වූ බවයි.
“මෙම තීරණයේ අවසන් ප්‍රතිඵල දුරදිග යා හැකි වුවද, දැනට මෙම තීරණය රියදුරන් 4 දෙනෙකුට සහ delivery partners ලාට පමණක් අදාළ වන අතර, Uber සහ Uber Eats සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇත” යනුවෙන් ඇය පැවසුවා.
Uber මීට පෙර අභියාචනාධිකරණයේ පහළ උසාවියේ තීන්දුවට අභියෝග කර තිබුණා.