චීනයෙන් අභ්‍යවකාශයට ගිය මී ගගනගාමීන් පෘථිවියට

  • Home
  • /
  • News
  • /
  • චීනයෙන් අභ්‍යවකාශයට ගිය මී ගගනගාමීන් පෘථිවියට

විද්‍යාත්මක අත්හදා බැලීම් සඳහා අභ්‍යවකාශයට යවන ලද පළමු මීයන්, Shenzhou-20 මෙහෙයුමේ ගගනගාමීන් තිදෙනා ද සමඟ දින 14කට පසු නැවත පෘථිවියට පැමිණි බව සෙනසුරාදා CGTN වාර්තා කළා.

පිරිමි සතුන් දෙදෙනෙකු සහ ගැහැණු සතුන් දෙදෙනෙකු ඇතුළු මීයන් 4 දෙනා ඔක්තෝබර් 31 වන දින Shenzhou-21 අභ්‍යවකාශ යානයෙන් චීනයේ Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යවන ලද්දේ රටේ පළමු, අභ්‍යවකාශයේ මීයන් අත්හදා බැලීම් සිදු කිරීම සඳහා යි.

ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය සහ සීමිත පරිසරයන් ඇතුළුව අභ්‍යවකාශ තත්වයන් සතුන්ගේ හැසිරීමට බලපාන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීම මෙම අත්හදා බැලීම්වලට ඇතුළත් වුණා.

කුඩා අභ්‍යවකාශ සුන්බුන් වලින් ඇති වූ ගැටුමකින් පසුව Shenzhou-20 කාර්ය මණ්ඩලය පෘථිවියට නැවත පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් “මූසික ගගනගාමීන්” මුලින් සැලසුම් කළ කාලය මෙන් දෙගුණයකට ආසන්න කාලයක් station එකේ රැඳී සිටි අතර අවසානයේ සිකුරාදා නැවත පැමිණියා.

ගොඩබෑමෙන් පසු, පර්යේෂකයන් එම ස්ථානයේ මීයන් පරීක්ෂා කර, ඔවුන්ගේ හැසිරීම නිරීක්ෂණය කර ප්‍රධාන භෞතික විද්‍යාත්මක හා ජෛව රසායනික දර්ශක පරීක්ෂා කළා.

මෙම අත්හදා බැලීම කක්ෂයේ, අනාගත මහා පරිමාණ ක්ෂීරපායී පර්යේෂණ සඳහා වැදගත් අඩිතාලමක් දමනවා.

ආපසු පැමිණි කැප්සියුලය ජීව විද්‍යා සාම්පල සමඟ විවිධ ද්‍රව්‍ය සහ දහන අත්හදා බැලීමේ සාම්පල ද ගෙනවිත් තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

733
December 28, 2025