චීනය ලොව විශාලතම බලශක්ති උත්පාදන සරුංගලය සාර්ථකව අතහදා බලා ඇති අතර, එය සාම්ප්‍රදායික surface turbines වලට වඩා ලාබදායී ලෙස energy-dense සහ high-altitude winds යොදාගෙන විදුලිය නිපදවීමේ හැකියාවෙන් යුක්තයි.
වර්ග මීටර් 5,000 (වර්ග අඩි 53,820) ක high-altitude wind power capture kite එක, බදාදා අභ්‍යන්තර මොන්ගෝලියාවේ ස්වයං පාලන කලාපයේ Alxa Left Banner පරීක්ෂණ ස්ථානයක දී දිග හැරුණු බව එරට CCTV වාර්තා කරනවා.
පැරෂුටයකට සමාන, power-generating kite එක, ඉහළ උන්නතාංශ සුළං බලය සඳහා රටේ පළමු ජාතික පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස චීන බලශක්ති ඉංජිනේරු සංස්ථාව විසින් නිර්මාණය කර තිබෙනවා.
බිම මත ඇති generator එකකට බැඳ ඇති මෙම සරුංගලයට 300m (අඩි 984) ඉක්මවන උන්නතාංශයක පියාසර කළ හැකියි.
පරීක්ෂණ අතරතුර, වර්ග මීටර් 5,000 ක සරුංගලය (සම්මත NBA basketball පිටි 11 ක ප්‍රමාණයේ) මෙන්ම ඊට සම්බන්ධිත වර්ග මීටර් 1,200 ක සරුංගල් දෙකක් හීලියම් බැලූන් මගින් වාතයට ඔසවා සාර්ථකව යොදවා ආපසු ගෙන තිබෙනවා.
ජාතික high-altitude wind project එකේ ප්‍රධාන අණදෙන නිලධාරී Cao Lun බදාදා රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන Xinhua වෙත පැවසුවේ අත්හදා බැලීම තුළ ස්වාභාවික සුළං තත්වයන් යටතේ විවෘතව පවතින විට සරුංගලයේ ආතතිය මනින ලද අතර පසුව එහි විවෘත කිරීමේ ලක්ෂණ ගණනය කළ බවයි.
Image credit: www.facebook.com/PeoplesDaily